ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පෞද්ගලීකරණය කිරීමට දරන උත්සාහයට එරෙහිව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ වෘත්තීය සමිති එකමුතුවේ නියෝජිතයින් ආරම්භ කළ වැඩවර්ජනය ඊයේ දෙවන දිනටත් ක්‍රියාත්මකයි.
සාමූහිකයේ සභාපති ජගත් විජේගුණවර්ධන මහතා සඳහන් කළේ, ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව සාකච්ඡාවක් පැවැත්වෙන බවයි.
රජය සතු ඉන්ධන පිරවුම්හල් විදේශ ආයතනවලට පැවරීමට කැබිනට් අනුමැතිය හිමිවීම කණගාටුවට කරුණක් බවද ඒ මහතා වැඩිදුරටත් පැවසීය.
ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පෞද්ගලීකරණය කිරීමට එරෙහිව එම සංගමයේ වෘත්තීය සමිති එකමුතුවේ නියෝජිතයින් පෙරේදා (27) පෙරවරු 07.00 සිට වැඩවර්ජනයක් ආරම්භ කළා.
Share this: