ශ්‍රී ලංකා පොලිසිය සහ සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව ලබන සතියේ රාජ්‍ය ගිණුම් කාරක සභාව (COPA) හමුවට කැඳවා ඇති බව පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
ඒ අනුව සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අප්‍රේල් 25 වැනිදා කෝපා සභාව හමුවේ පෙනී සිටිනු ඇත.
මේ අතර, ශ්‍රී ලංකා පොලිසිය පසුදින (අප්‍රේල් 26) COPA හමුවේ පෙනී සිටීමට නියමිතය.
රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් COPA සභාව පෙර වසර සඳහා විගණකාධිපතිවරයාගේ වාර්තා සහ ආයතන දෙකෙහි වත්මන් ක්‍රියාකාරීත්වය පිළිබඳව සොයා බලනු ඇත.
Share this: