කෝටි 3ක බිල ගෙවලා නෑ කියල ළමා රෝහලේ ලයිට් කපයි!

කෝටි 3ක බිල ගෙවලා නෑ කියල ළමා රෝහලේ ලයිට් කපයි!

මාස 3ක විදුලිබිල නොගෙවීම හේතුවෙන් රිජ්වේ ආර්යා ළමා රෝහලේ 26 වන දින රෝහලේ එක් කොටසක විදුලිය විසන්ධි කිරීමට විදුලිබල මණ්ඩලය කටයුතු කර ඇතැයි රෝහලේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් ප්‍රකාශ කළේය.

විදුලිය විසන්ධි කිරීම නිසා රෝහලේ ආපනශාලව ඇතුළු අංශ කීපයක කටයුතු අඩාල වීම නිසාවෙන් රෝගීන් සහ රෝහල් කාර්ය මණ්ඩල සාමාජකයන් දැඩි අපහසුතාවට පත්වූ බව ඔහු  ප්‍රකාශ කළේය.

ජුනි සිට අගෝස්තු මාස දක්වා රුපියල් මිලියන 30ක මුදලක් ගෙවීම ප්‍රමාද වීම හේතුවෙන් පෙර දැනුම් දීමකින් තොරව විදුලි විසන්ධි කිරීම බලවත් අසාධාරණයක් යැයි ඔහු පෙන්වා දෙයි.

නමුත් මෙලෙස විදුලිය විසන්ධි කර පැය කිපයකට පසුව මිලියන 16ක මුදලක් ගෙවීමෙන් පසුව නැවත විදුලිය ලබාදීමට ක්‍රියා කළ බවද ඔහු සඳහන් කළේය.

Share this: