කෝටි දෙකහමාරක හෙරොයින් සමඟ පාකිස්තානුවෙක් අත්අඩංගුවට

කෝටි දෙකහමාරක හෙරොයින් සමඟ පාකිස්තානුවෙක් අත්අඩංගුවට

රුපියල් කෝටි 2 1/2 අධික වටිනා හෙරොයින් සමඟ පාකිස්තාන ජාතිකයකු කොල්ලුපිටියේ හෝටලයකදි පොලිස් විශේෂ කාර්ය බළකාය හා මත්ද්‍රව්‍ය නාශක කාර්යාශය එක්ව අද (11/07/2019) අලුයම අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ සැකකරු සතුව හෙරොයින් කිලෝ 2 යි ග්‍රෑම් 85 ප්‍රමාණයක් තිබී ඇත.

සැකකරු මැණික් ව්‍යාපාරිකයකු වශයෙන් පෙනී සිටිමින් මෙටට පැමිණ හොරොයින් ජාවාරමේ නිරත වි ඇති බව විශේෂ කාර්ය බළකාය කියයි.

අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ සැකකරු සතුව මැණික්ගල් තොගයක් ද තිබී ඇත.

Share this: