ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් අප්‍රේල් 02 වැනිදා රාත්‍රියේ යාපනය, කන්කසන්තුරේ ඔබ්බෙන් සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී කේරළ ගංජා කිලෝග්‍රෑම් 428කට අධික ප්‍රමාණයක් පටවා තිබූ සැක කටයුතු ඩිංගි යාත්‍රාවක් අත්අඩංගුවට ගෙන ඇත.
මත්කුඩු සමග සැකකරුවන් 02 දෙනෙකු ද නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය තොගය සමඟ සැකකරුවන් කන්කසන්තුරේ වරායට රැගෙනවිත් ඇති අතර, අප්‍රේල් 03 වැනිදා පෙරවරුවේ ඔවුන් පරීක්ෂා කිරීමට නාවික හමුදාපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා මහතා ද පැමිණ සිටියේය.
උතුරු නාවික විධානය විසින් කන්කසන්තුරයට ඔබ්බෙන් වූ මුහුදු තීරයේදී මෙම මෙහෙයුම සිදු කර ඇති අතර, එහිදී නාවික හමුදා නිලධාරීන් විසින් කිලෝග්‍රෑම් 428 යි ග්‍රෑම් 900 ක් පමණ බරැති කේරළ ගංජා ඇසුරුම් 195 ක් සමඟ සැක කටයුතු ඩිංගි යාත්‍රාවක් අත්අඩංගුවට ගෙන ඇත.
Share this: