කෝට්ටේ ශ්‍රී කල්‍යානී සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ අභිනව මහානායක ධූරයට ආචාර්ය පූජ්‍ය ඉත්තෑපානේ ධම්මාලංකාර නාහිමිපාණන් වහන්සේ

කෝට්ටේ ශ්‍රී කල්‍යානී සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ අභිනව මහානායක ධූරයට ආචාර්ය පූජ්‍ය ඉත්තෑපානේ ධම්මාලංකාර නාහිමිපාණන් වහන්සේ

10404096_10153059994401327_3155229431433400375_n

කෝට්ටේ ශ්‍රී කල්‍යානී සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ අභිනව මහානායක ධූරයට පත් ආචාර්ය පූජ්‍ය ඉත්තෑපානේ ධම්මාලංකාර නාහිමිපාණන් වහන්සේ වෙත මහානායක පදවිය පිළිබද ශ්‍රී සන්නස් පත්‍ර ප්‍රදානය කිරීමේ පුණ්‍යෝත්සවය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් මාර්තු 28 දා පස්වරුවේ කෝට්ටේ රජමහා විහාරස්ථානයේදී පැවැත්විණි.
අභිනව මහානායක හිමිපාණන් වහන්සේ වෙත විජිණිපත පිළිගැන්වීම ජනාධිපතිතුමා අතින් සිදු වූ අතර පූජ්‍ය ආචාර්ය ඛෙල්ලන්විල විමලරතන අනුනායක හිමිපාණන් වහන්සේ විසින් උන්වහන්සේ වෙත සන්නස් පත්‍ර පිළිගැන්වූහ.

ත්‍රෛනිකායික මහා සංඝරත්නය නියෝජනය කරමින් මහානායක සහ අනුනායක ස්වාමින් වහන්සේලාද, විපක්ෂ නායක නිමල් සිරිපාලද සිල්වා, අමාත්‍යවරුන්වන කරූ ජයසූරිය, පාඨලී චම්පික රණවක, ජනතා විමුක්ති පෙරමුණේ හිටපු නායක සෝමවංශ අමරසිංහ යන මහත්වරුන් ඇතුථ පිරිසක්ද මීට එක්ව සිටියහ.

Share this: