කෝට්ටේ මහ නගර සභාවේ නගරාධිපතිට මාංචු

කෝට්ටේ මහ නගර සභාවේ නගරාධිපතිට මාංචු

කෝට්ටේ මහ නගර සභාවේ නගරාධිපති ජනක රණවක මහතා කළුබෝවිල රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී වැලිකඩ පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මෙයට හේතුව වී අතේ, විපක්ෂනායක සුගත් අප්පුහාමි මහතාට පහරදීමේ චෝදනාව මතයි.

‍‍කෝට්ටේ නගරසභාවේ ඊයේ දිනයේ පැවැති විරෝධතාවක් අතර තුරදී විපක්ෂනායක සුගත් අප්පුහාමි මහතාට නගරාධිපතිවරයා විසින් පහරදී ඇති බව පැවසුණු අතර මේ ගැන විපක්ෂනායකවරයා වැලිකඩ පොලීසියට පැමිණිල්ලක් කර කොළඹ ජාතික රෝහලට ඇතුළත්ව තිබිණ.

මේ අතර නගරාධිපතිවරයා ද වැලිකඩ පොලීසියට පැමිණිල්ලක් කර කළුබෝවිල ශික්ෂණ රෝහලට ඇතුළත්ව තිබූ අතර පොලිසිය ගොස් අද ඔහුව අත්අඩංගුවට ගෙන තිබේ.

Share this: