කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තයේ දෙවන අදියර

කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තයේ දෙවන අදියර

කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තයේ දෙවන අදියරේ ඉදිකිරීම් වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් මැයි 22 වැනිදා ආරම්භ විය.

එහිදී අදහස් දැක්වූ අමාත්‍යවරයා කියා සිටියේ පර්යන්ත ඉදිකළ පමණින් වරායක් කිසිසේත්ම සංවර්ධනය නොවන බවයි.

තවද, කොළඹ වරායේ නැඟෙනහිර බහාලුම් පර්යන්තයේ පළමු අදියරේ ඉදිකිරීම් මේ වසර අවසන් වන විට අවසන් කරන බවද ඔහු සඳහන් කළේය.

ඉදිකිරීම් අවසන් වූ පසු අනෙකුත් පෞද්ගලික පර්යන්ත සමඟ තරග කර ඉහළ ආදායමක් උපයා ගැනීමට බලාපොරොත්තු වන බවද ඇමැතිවරයා අවධාරණය කළේය.

Share this: