කොළඹ- ලන්ඩන් ගුවන් ගමන් මාර්ගය වෙනස් වෙයි

කොළඹ- ලන්ඩන් ගුවන් ගමන් මාර්ගය වෙනස් වෙයි

කොළඹ- ලන්ඩන් ගුවන් ගමන් මාර්ගය වහාම ක්‍රියාත්මක වන පරිදි වෙනස් කිරීමට කටයුතු යොදා ඇත.

පර්සියානු ගල්ෆ් කලාපයේ පවත්නා ගැටුම්කාරී තත්ත්වය හේතුවෙන් කොළඹ -ලන්ඩන් ගුවන් ගමන් මාර්ගය වහාම ක‍්‍රියාත්මක වන පරිදි වෙනස් කිරීමට ශ්‍රී ලංකන් ගුවන් සේවය අද (08) තීරණය කළේය.

ඒ අනුව ඒ අනුව කොළඹ ‐ලන්ඩන් ගුවන් ගමන් මාර්ගය ඉරානයේ සහ ඉරාකයේ ගුවන් කලාපය ආසන්නයෙන් ගමන් කිරීම අත්හිටුවමින් එම වෙනත් ගුවන් මාර්ගයකින් ශ්‍රී ලංකන් ගුවන්යානය අදාළ ගමානාන්ත කරා යන බව ශ්‍රී ලංකන් ගුවන් සේවයේ මාධ්‍ය කළමනාකරු දීපාල් පෙරේරා මහතා ලංකාදීපයට පැවසීය.

පවතින ගැටුම්කාරී තත්ත්වය හමුවේ ආරක්ෂක පියවරක් ලෙස ශ්‍රී ලංකන් ගුවන් සේවය මෙම තීරණය ගත් බවද හෙතෙම කීය.

ජාත්‍යන්තර ගුවන් මාර්ග වල යුරෝපය සහ ආසියාව සම්බන්ධ වන ප‍්‍රධාන මාර්ග තුනක් පවතින අතර ඉරානයේ සහ ඉරාකයේ ගුවන් කලාපය, ඊජිප්තු ගුවන් කලාපය සහ යුක්රේන් ගුවන් කලාපය එම ප‍්‍රධන ගුවන් මාර්ග වන බවද ශ්‍රී ලංකන් ගුවන් සේවයේ මාධ්‍ය කළමනාකරු වැඩිදුරටත් කියා සිටියේය.

ඒ අනුව ඒ කොළඹ – ලන්ඩන් බලා යන ශ්‍රී ලංකන් ගුවන් යානය ඊජිප්තු ගුවන් කලාපය හරහා අදාළ ගමනාන්ත වෙත ළඟා වීම සිදුවන බවද දීපාල් පෙරේරා මහතා වැඩිදුරටත් කියා සිටියේය.

මෙම තත්ත්වය ශ්‍රී ලංකන් ගුවන්සේවය සමීපව අධීක්ෂණය කරමින් සිටින අතර අදාළ ජාතික හා ජාත්‍යන්තර බලධාරීන් හා සම්බන්ධ වෙමින් ගුවන් මඟීන්ගේ සහ කාර්ය මණ්ඩලයේ ආරක්ෂාව සහතික කිරීමට කටයුතු කරන බවද ඔහු පැවසීය.

ශ්‍රී ලංකන් ගුවන් සේවය සතියේ දින 7ම කොළඹ -ලන්ඩන් අතර ගුවන් ගමන් වාර 14 ක් ක‍්‍රියාත්මක කරන අතර සෑම දිනකම දහවල් 12.30ට ලන්ඩනයේ සිට කටුනායකට ශ්‍රී ලංකන් ගුවන් යානයක් පැමිණෙන අතර , දහවල් 1.30ට යළි කටුනායක සිට ලන්ඩනය බලා ශ්‍රී ලංකන් ගුවන් යානායක් ගුවන්ගත කෙරේ.

Share this: