කොළඹ මහ නගර සභා බල ප්‍රදේශයේ 30,000 ක් කොරෝනා අසාදිතයන් විය හැකියි

කොළඹ මහ නගර සභා බල ප්‍රදේශයේ 30,000 ක් කොරෝනා අසාදිතයන් විය හැකියි

කොළඹ මහනගර සභා බල ප්‍රදේශයේ කොරෝනා ආසාදිතයන් ගණන 30,000 පමණ විය හැකි බව කොළඹ ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය රුවන් විජේමුණි පවසනවා.

අද මාධ්‍ය වෙත අදහස් පළ කරමින් ඔහු පැවසුවේ නගරයේ සිදු කළ අහඹු පරීක්ෂණ වල ප්‍රතිඵල අනුව මෙම නිගමනයට එලැඹි බවයි.

වැඩිදුරටත් අඳහස් දැක්වූ කොළඹ ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය රුවන් විජේමුණි,

” කොළඹ නගරයේ අහඹු පරීක්ෂණ 400 ක් අපි සිදු කළා.එම සාම්පල වලින් 19 දෙනෙකු කොරෝනා ආසාදනය වී ඇති බව හදුනා ගත්තා. ඒ කියන්නේ සියයට 5ක්. මෙන්න මේ 5% අපි හොයා ගත්තොත් කොළඹ මහ නගර සභා බල ප්‍රදේශයේ ජිවත්වන ලක්ෂ 6 න් , 30,000ක් විතර ප්‍රමාණයක් මේ වෛරස් එකත් එක්ක නිරන්තරයෙන් ඔබ මොබ සැරිසරනවා වෙන්න පුළුවන්. ඔවුන් සියලු දෙනාගෙම වෛරසය ඇගේ තියෙන්න පුළුවන්.නමුත් පතුරනවයි කියලා අපිට කියන්න බැහැ. නමුත් අපි ඒ අනතුර දැනගන්නට ඕනේ”

Share this: