මෙවර කොළඹ පොත් ප්‍රදර්ශනය සැප්තැම්බර් 18 වනදා සිට 27 වැනිදා දක්වා කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදි පැවැත්වීමට නියමිතව තිබෙනවා.
කොරෝනා රෝග අවදානමක් රට තුළ පවතින මෙවන් අවස්ථාවක කොළඹ පොත් ප්‍රදර්ශනය වැනි ලක්ෂ සංඛ්‍යාත ජනකායක් සහභාගී වන ඉසව් සංවිධාන කිරීම අනුමත නොකරන බව සෞඛ්‍ය අංශ පවසනවා.
මේ පිළිබඳව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සංස්කාරක වෛද්‍ය හරිත අලුත්ගේ මහතාගෙන් citizen කල විමසීමකදී ඔහු සඳහන් කලේ ,සෞඛ්‍ය අමාත්‍යාංශය ලබාදී ඇති සෞඛ්‍ය නිර්දේශ කොළඹ පොත් ප්‍රදර්ශනයේ සංවිධායකයන් විසින් උපරිමයෙන් ආරක්ෂා කරමින් ප්‍රදර්ශනය පවත්වනු ඇතැයි අපේක්ෂා කරන බවයි.
මේ අතර කොරෝනා රෝග තත්වය හමුවේ පැණවු සෞඛ්‍යාරක්ෂිත නියමයන් මේ වන විට බහුතරයක් ජනතාවට අමතක වී ඇති බව ද වෛද්‍යවරයා සඳහන් කළා.
මෙවන් පසුබිමක කොරෝනා අවදානම පහව ගොස් ඇති බව යම් අයෙකු සිහනවානම් එය ඉතා වැරදි බවත්,සමාජයෙන් රෝගීන් වාර්තා නොවුනත් සෑම දිනකම පිටරටින් පැමිණි පිරිස් රෝගී වී හමු වන නිසා කොරෝනා අවදානම අත්හැරිය නොහැකි බවයි ඒ මහතා සඳහන් කලේ.
කෙසේ වෙතත් මේ තත්වය මත සමජා දුරස්ථභාවය මෙවන් ස්ථානයක පවත්වාගෙන යාමේ ගැටළුවක් පවතින බවත් ඒ මහතා සඳහන් කළා.