වෘත්තීය සමිති ක්‍රියාකාරීන් විසින් ඊයේ පස්වරුවේ පැවැත්වීමට නියමිතව තිබූ විරෝධතාවයට එරෙහිව කොළඹ කොටුව මහේස්ත්‍රාත්වරයා විසින් නිකුත් කළ නියෝගයක්.
කොළඹ කොටුව පොලිසියේ ස්ථානාධිපතිවරයා කළ ඉල්ලීමක් සැලකිල්ලට ගනිමින් මෙම නියෝගය නිකුත් කර ඇත.
ඒ අනුව විරෝධතාකරුවන්ට කොළඹ – ඕල්කට් මාවත, ලෝටස් පාර, යෝර්ක් වීදිය, ලංකා බැංකු මාවත, ශ්‍රීමත් බාරොන් ජයතිලක මාවත, බාලදක්ෂ මාවත, චෛත්‍ය පාර යන මාර්ග කිහිපයක් ඔස්සේ ජනාධිපති ලේකම් කාර්යාලය, ජනාධිපති මන්දිරය සහ මුදල් අමාත්‍යාංශ පරිශ්‍රය දෙසට ගමන් කිරීම තහනම් කර ඇත.
Share this: