කොළඹ නගරයේ සිට රාත්‍රී බස් සේවාවක්

කොළඹ නගරයේ සිට රාත්‍රී බස් සේවාවක්

ඊයේ(03) රාත්‍රී සිට කොළඹ නගරයේ සිට රාත්‍රී බස් සේවාවක් ආරම්භ කිරීමට අභ්‍යන්තර ප්‍රවාහන අමාත්‍යංශය පියවර ගෙන තිබේ.

මෙම සේවාව ඊයේ(03) රාත්‍රී සිට  ක්‍රියාත්මක වන බව  එම අමාත්‍යංශය පවසයි.

අභ්‍යන්තර ප්‍රවාහන අමාත්‍යංශය සඳහන් කරන්නේ  රාත්‍රී 10.00යේ සිට  කොළඹ හා තදාසන්න ප්‍රදේශ වෙත මෙම බස් සේවය ක්‍රියාත්මක වන බවයි

මෙම බස් ධාවනය සිදුවන්නේ කොළඹ සිට අවිස්සාවේල්ල, ඉංගිරිය, කැස්බෑව, මහරගම, මත්තෙගොඩ,  කඩුවෙල, හොරණ පානදුර, නිට්ටඹුව,  රද්දොළුගම දෙකටන ආදී ප්‍රදේශ වෙත  බව සඳහන් වෙයි.

අභ්‍යන්තර ප්‍රවාහන අමාත්‍යංශය වැඩිදුරටත් පැවසුවේ, රාත්‍රී කාලයේ පෞද්ගලික බස් ධාවනය සිදු නොවන බැවින් ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බස් රථ ධානවය සිදුකරන බවයි .

Share this: