කොළබට කිරි ගමට කැකිරි න්‍යායෙන් බේදීමට යන ගෑස්.

කොළබට කිරි ගමට කැකිරි න්‍යායෙන් බේදීමට යන ගෑස්.

මැයි මාසය අග වනවිට පවතින ගෑස් හිඟය තුරන් කිරීමට හැකි වෙතැයි වෙළෙද අමාත්‍යාංශය පවසයි.
අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා සඳහන් කළේ , ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ ලිට්‍රෝ සමාගමට මෙන්ම ලාෆ්ස් සමාගමටත් අවශය මූල්‍ය පහසුකම් ලබා දෙන බවය.

ඉන්දියානු රජයේ මැදිහත්වීම අනුව තවත් සැපයුම්කරුවන් කිහිපදෙනකු තෝරා ගැනීමටද කටයුතු සැලසුම් කර ඇතැයි අමාත්‍යවරයා පැවසුවේ ය.

එමෙන්ම ලෝක බැංකුවත් අ‌මෙරිකානු ඩොලර් මිලියන 90 ක් ගෑස් මිලදී ගැනීමට ලබා දීමට නියමිතය.

එම මුදල ද ලිට්‍රෝ සහ ලාෆ්ස් සමාගම් සතුව පවතින වෙළෙදපොළ ප්‍රමාණය අනුව බෙදාහරින බව අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පැවසුවේ ය.

මේ අතර ඉදිරියේදී නාගරික ප්‍රජාවට ප්‍රමුඛතාව දී ගෑස් බෙදා හැරීම සිදු කරන බව ලිට්‍රෝ සමාගම සඳහන් කළේ ය.

ඒ, ගෑස් පාරිභෝගිකයින්ගෙන් සියයට 25 ක් නගරාසන්නව වෙසෙන ජනතාව වීම හේතුවෙනි.

මීට පෙර දෛනික ගෑස් සිලින්ඩර් 60,000 ක් වෙළෙදපොළට සැපයුවද ඉදිරියේදී එම සංඛ්‍යාව 30,000ක් දක්වා අඩු කිරීමට ද සිදුවන බව ලිට්‍රෝ සමාගම පැවසුවේ ය.

මේ අතර ඊයේ (28) දින මෙරටට සේන්දු වූ ‍මෙට්‍රික් ටොන් 3900ක ගෑස් නෞකාවේ , ගෑස් ගොඩබෑම් කටයුතු මේ වන විට ආරම්භ කර තිබේ.

Share this: