කොස්තාපල්ට ගුටි, 7න් 5ක් අත්අඩංගුවේ

කොස්තාපල්ට ගුටි, 7න් 5ක් අත්අඩංගුවේ

පොලිස් කොස්තාපල්වරයෙකුට පහරදීමේ සිද්ධියකට සම්බන්ධ පුද්ගලයින් පස් දෙනෙකු මොණරාගල ඇතිමලේ ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබේ.

ඊයේ රාත්‍රී ත්‍රි රෝද රථයකින් පැමිණි පුද්ගලයින් හත් දෙනෙකු අදාළ පොලිස් කොස්තාපල්වරයාට සිය නිවසේ සිටියදී මෙලෙස පහරදී ඇති බව පොලීසිය සඳහන් කළේය.

තවද, එහිදි එම පොලිස් කොස්තාපල්වරයාගේ සහෝදරියකට ද මෙම පිරිස පහර දී ඇති අතර, තුවාල ලැබු ඔවුන් දෙදෙනා මේ වන විට ඇතිමලේ ප්‍රාදේශීය රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින බව පොලීසිය සඳහන් කළේය.

මෙම පහරදීමට සම්බන්ධ තවත් පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීම සඳහා පොලීසිය පරීක්ෂණ ආරම්භ කර තිබේ.

Share this: