මේ දිනවල රට පුරා පැතිර යන කොවිඩ් 19 වෛරසයේ නව ප්‍රභේදයක් විය හැකි බව ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය පවසයි.
එම සංගමයේ සභාපති වෛද්‍ය වින්‍යා ආරියරත්න අවධාරණය කළේ රෝගයේ ස්වභාවය අනුව කොවිඩ් 19 වෛරසයේ විවිධ ප්‍රභේද මතුවිය හැකි බවයි.
“ඇත්තටම අපිට ඒ ප්‍රභේද ගැන හොඳ අවබෝධයක් නැහැ. ඒවා විශ්ලේෂණය කර වාර්තා ලබා ගැනීමට කාලය ගතවේ.”
“COVID-19 රෝගීන් තවමත් ඉන්දුනීසියාව, වියට්නාමය සහ සිංගප්පූරුව වැනි බොහෝ රටවල වාර්තා වේ. නමුත් අපි කලබල විය යුතු නැහැ. ”
කෙසේ වෙතත්, ඉන්ෆ්ලුවෙන්සා වෛරසය ද ව්‍යාප්ත වෙමින් පවතින බැවින් කොවිඩ් 19 වසංගත තත්ත්වය තුළ අප අනුගමනය කළ නිසි සනීපාරක්ෂක පිළිවෙත් අනුගමනය කිරීම අත්‍යවශ්‍ය බව ද වෛද්‍ය ආරියරත්න පෙන්වා දුන්නේය.
Share this: