අද පෙරවරුවේ කොල්ලුපිටිය, ආර්.ඒ.ද මැල් මාවත ප්‍රදේශයේ ලැඟුම්හලක් තුළ විදේශිකයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
අදාළ විදේශිකයා එම ලැගුම්හලේ කාමරයක් තුළ මියගොස් සිට ඇති බව පොලීසිය සඳහන් පවසයි.
අද පෙරවරු 11.00ට අදාළ ලැගුම්හලෙන් පිටත්ව යාමට නියමිත සිටි විදේශිය ජාතිකයා මධ්‍යහ්න 12වන තුරුත් ඉන් පිටත්ව නොයාම හේතුවෙන් හෝටල් සේවකයෙකු ඔහු සිටි කාමරයට ගොස් සෝදිසි කර ඇති අතර, එහිදී අදාළ විදේශිකයා සිහිසුන්ව ඇද මත වැටී සිට ඇත.
පසුව ඒ බව පොලීසියට දැනුම් දී ඇති අතර ඉක්බිතිව ඔහු මියගොස් ඇති බවට අනාවරණය වී ඇත.
මියගොස් ඇත්තේ 27 හැවිරිදි ඔස්ට්‍රේලියානු ජාතිකයෙක් වන අතර, අදාළ පුද්ගලයා මියගිය ස්ථානයේ තිබී මත්ද්‍රව්‍ය පැකට් දෙකක් සහ නිද්‍රාජනක පෙති අඩංගු පැකට් කිහිපයක් සොයාගැනීමට හැකි වු බව පොලීසිය පවසයි.
එනමුත් අදාළ විදේශිය ජාතිකයා මියයාමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර කොල්ලුපිටිය පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරික්ෂණ සිදුකරයි.