කොරෝනා වැළදුණු රෝගීන් 05ක් දැඩි සත්කාර ඒකකවල

කොරෝනා වැළදුණු රෝගීන් 05ක් දැඩි සත්කාර ඒකකවල

මෙරටින් තහවුරැ කර ගැනුණු කොරෝනා ආසාධිත රෝගීන් පස් දෙනෙකු මේ වන විට දැඩි සත්කාර ඒකක තුළ ප්‍රතිකාර ලබමින් සිටින බව සෞඛ්‍ය අංශ සඳහන් කර සිටිනවා.

ඒ අනුව අංගොඩ IDH රෝහලේ ප්‍රතිකාර ලබන රෝගීන් සිව්දෙනෙක් සහ පොළොන්නරුව වැලිකන්ද රෝහලේ ප්‍රතිකාර ලබන එක් රෝගියෙක් මෙලෙස දැඩි සත්කාර ඒකක යටතේ ප්‍රතිකාර ලබමින් සිටියි.

ඊයේ දිනයේදී කොරෝනා වෛරසය ආසාධනය වූ රෝගීන් සිව්දෙනෙක් වාර්තා වූ අතර මේ වන විට මෙරටින් වාර්තා වූ මුළු කොරෝනා රෝගීන් සංඛ්‍යාව 106 ක් වනවා.

Share this: