කොරෝනා වැලදී ඇති බව කියන සෙබලා ගැන හමුදාපති කතා කරයි

කොරෝනා වැලදී ඇති බව කියන සෙබලා ගැන හමුදාපති කතා කරයි

යුධ හමුදා සෙබළෙකුට කොවිඩ් -19 හෙවත් කොරෝනා වෛරසය වැලදී ඇත්දැයි යන්න තහවුරු කර ගැනීමට පරීක්ෂණ සිදුකරමින් සිටින බවට යුධ හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා ප්‍රකාශ කර සිටිනවා.

” එම හමුදා සාමාජිකයාගේ සිදුකළ පළවෙනි වාර්තාවේ ඔහු ආසාදිත බවට වාර්තා වුණා. පසුව ගත් වාර්තාවේ එසේ නොවේ කියලා වාර්තා වුණා. අවසන් වශයෙන් ගත්ත එකේ ඔහු ආසාදිතයෙක් නොවන බවටයි වාර්තා වෙන්නේ. ඒක තහවුරු කර ගන්න තවත් පරීක්ෂණ කිහිපයක් කරාවි” යනුවෙන් හමුදාපතිවරයා සඳහන් කර සිටියා.

අවිස්සාවේල්ල රෝහලට සැකපිට ඇතුලත් කළ මෙම හමුදා සාමාජිකයා පසුව අංගොඩ IDH රෝහලට මාරු කර ඒවා ඇති බවයි වාර්තා වන්නේ.

Share this: