ගෝලීය වසංගතයක් වු කොරෝනා වයිරසය ශ්‍රී ලංකාවෙන් මෙන්ම මුළු ලෝකයෙන්ම තුරන් වේවායි පතමින් දඹානේ ආදිවාසීහු අද (30) වැදි ගම්මානයේදි කිරි කොරහා නැටීමේ ශාන්ති කර්මය කළහ.
දඹාන ආදිවාසි නායක, වනස්පති ඌරු වරිගේ වන්නිල ඇත්තන්ගේ නායකත්වයෙන් මෙය පැවැත්විණි.
ශාන්ති කර්මයෙන් පසු දඹාන ගම්මානයේ පදිංචිව සිටින පවුල් 400 ක් පමණ වූ ආදිවාසීන්ට වියළි ආහාර ද්‍රව්‍ය පිරිනමන ලදි.
Share this: