කොරෝනා තිබ්බත් පළමු PCR එක නෙගටිව් වෙන්න පුළුවන්

කොරෝනා තිබ්බත් පළමු PCR එක නෙගටිව් වෙන්න පුළුවන්

පොදු ප්‍රවාහන සේවයේ යෙදෙන පුද්ගලයින් සෞඛ්‍ය නිලධාරීන්ගේ කලින් උපදෙස් නොසලකා හැර ඇති අතර සමාජ දුරස්ථභාවය පවත්වා නොගෙන ගමන් කරන බව දක්නට ලැබෙන බවද රෝග විද්‍යා අංශයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර සඳහන් කළා.

කොවිඩ් වසංගතයට ශ්‍රී ලංකාව මුහුණ දී මාස අටක් ගත වූ පසුව ජනතාව තුළ තිබූ සෞඛ්‍යාරක්ෂිත පුරුදු ක්‍රමයෙන් ගිලිහී යාම ඉදිරියේදී යම් ලෙසකින් සමාජයෙන් කොවිඩ් – 19 ආසාදිතයකු හමුවුණොත් ඇතිවන තත්ත්වය තීව්‍ර කිරීමට සමත් වන බව ඔහු වැඩි දුරටත් සඳහන් කළා.

කොවිඩ්වලට අදාළ PCR පරීක්ෂණය සිදුකරන අවස්ථාවේදී ලබාගන්නා ශ්ලේෂ්මල සාම්පලයේ ඇතැම්විට වයිරසය නොමැති විය හැකි බැවින් ආසාදිත පුද්ගලයකුගේ පවා PCR පරීක්ෂණය සෘණාත්මක විය හැකි බව පැවසූ අධ්‍යක්ෂවරයා මාසයක් නිරෝධායනයේ යෙදෙමින් සියලු ආරක්ෂිත ක්‍රමවේද භාවිත කළද වයිරසය සමාජගත වීමේ අවදානමක් පවතින බවද කියා සිටියා.

ඔහු මෙම අදහස් පළ කළේ කොළඹ, සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේදී පැවති මාධ්‍ය හමුවක් අමතමින්.

Share this: