කොළඹ ප්‍රධාන පෙලේ පාසලක සිසුන් පිරිසකට කොවිඩ් නයින්ටීන් ආසාදනය වී ඇති බවට සිදු කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න ගෙන් ප්‍රකාශයක් ලබා ගැනිමට කොළඹ අපරාධ කොට්ඨාසය තීරණය කර තිබෙනවා.
ඒ අනුව අද පෙරවරුවේ කොළඹ අපරාධ කොට්ඨාසයේ නිළධාරින් කණ්ඩායමක් රාජිත සේනාරත්න හිටපු ඇමතිවරයා රදවා සිටින මීගමුව පල්ලන්සේන විශෝධන මධ්‍යස්ථානය වෙත ගොස් අදාල ප්‍රකාශය ලබා ගැනිමට නියමිත බවයි වාර්තා වන්නේ.
කොළඹ ප්‍රධාන පෙලේ පාසලක සිසුන් පිරිසකට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇති බවට හිටපු අමාත්‍යවරයා පසුගිය මාර්තු මස 17 වනදා මාධ්‍යහමුවේ ප්‍රකාශයක් සිදු කර සිටියා.
මේ සම්බන්ධයෙන් සිදුකරනු ලබන විමර්ශනයට අදාලව රාජිත සේනාරත්න හිටපු මන්ත්‍රිවරයාගෙන් ප්‍රකාශයක් ලබා ගැනිමට අවශ්‍ය බව පොලිසිය අධිකරණය හමුවේ දැනුම් දී තිබූ බව සදහන්.
ඒ අනුව අලුත්කඩේ අංක 04 අධිකරණය මගින් ලබාදී ඇති නියෝගයක් මත හිටපු මන්ත්‍රීවරයාගෙන් මෙම ප්‍රකාශය ලබා ගැනිමට නියමිතයි.
මේ අතර කොවිඩ් 19 ආසාදිත පුද්ගලයින් පිරිසක් මියගොස් ඇති බවට සිදු කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සරත්ෆොන්සේකා ගෙන්ද කොළඹ අපරාධ කොට්ඨාසය හෙට (29) දිනයේ ප්‍රකාශයක් ලබා ගැනිමට නියමිතව ඇත.