කොරෝනා ආසාදිතයෙකු රාගම රෝහලින් පැන යයි

කොරෝනා ආසාදිතයෙකු රාගම රෝහලින් පැන යයි

රාගම රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි කොරෝනා ආසාදිතයකු ඊයේ රෝහලෙන් පැන ගොස් ඇතැයි පොලිසිය සදහන් කරනවා.

නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ සදහන් කලේ ඔහු පැලියගොඩ ප්‍රදේශයේ පදිංචි අයෙක් බවයි.

ඔහුගේ PCR පරීක්ෂණ ඊයේ සිදු කර ඇති අතර එහි වාර්තාවේ සඳහන් වී ඇත්තේ ඔහු කොරෝනා ආසාදිතයකු බවයි.

අදාළ වාර්තාව රෝහලට අද උදෑසන ලැබී තිබේ. ඒ වනවිට එම පුද්ගලයා රෝහලෙන් පැනගොස් සිට ඇත.

මෙම ජායාරූපයේ සිටින එම පුද්ගලයා සම්බන්ධයෙන් යම් තොරතුරක් වෙතොත් 0112854880 ,0112854885 යන අංකවලට හෝ ලහම ඇති පොලිස් ස්ථානයට දැනුම් දෙන ලෙස පොලිසිය ඉල්ලා සිටිනවා.

Share this: