කොරෝනාවෙන් මියැදෙන සංඛ්‍යාවේ අඩුවක්

කොරෝනාවෙන් මියැදෙන සංඛ්‍යාවේ අඩුවක්

ජපානයේ නැංගුරම්ලා තිබෙන ඩයමන්ඩ් ප්‍රින්සස් නෞකාවේ සිට අමෙරිකාව බලා රැගෙන ගිය පුද්ගලයින් ගෙන් 14 දෙනෙකුට නව කොරෝනා වෛරසය වැලදී ඇති බවට තහවුරු වී ඇති බව වාර්තා වනවා.

අමෙරිකාව විසින් ජපානයේ නැංගුරම්ලා තිබෙන ඩයමන්ඩ් ප්‍රින්සස් නෞකාවේ සිටි මගීන් 328 දෙනෙක් ගුවන් යානා දෙකක් මගීන් ඉවත් කිරිමට පියවර ගනු ලැබුවා.

එලෙස ඉවත්කර ගනු ලැබූ පිරිසගෙන් 14 දෙනෙකු නව කොරෝනා වෛරසයට ගොදුරුවී ඇති බවයි අමෙරිකා සෞඛ්‍ය අංශ අනාවරණය කර ගෙන ඇත්තේ.

මේ අතර නව කොරෝනා රෝගය හේතුවෙන් ඊයේ දිනයේදී චීනයේ මරණ 98ක් සිදුව තිබෙනවා. ගතවූ සතියක කාල සීමාව සමග සසදා බැලීමේදී මේ වන විට කොරෝනා වෛරසයෙන් ජිවිතක්ෂයට පත්වන පුද්ගලයින් සංඛ්‍යාව ක්‍රමයෙන් පහල බසිමින් පවතින බවයි එරට සෞඛ්‍ය බලධාරින් සඳහන් කරන්නේ.

කොරෝනා වෛරසය හේතුවෙන් මේ වන විට ලොවපුරා මරණ 1,873ක් වාර්තා වී තිබෙනවා.

කෙසේ වෙතත් කොරෝනා වෛරසය වැළදුණු ලොවපුරා රෝගීන් සංඛ්‍යාව 73,000 ඉක්මවනු ලබනවා.

මේ අතර කොරෝනා වෛරසය හේතුවෙන් 1970 වසරේ සිට අඛණ්ඩව පැවැති චීනයේ උත්තරීතරම බලායතනය වන චීන ජාතික මහජන කොංග්‍රසයේ වාර්ෂික සම්මේලනය කොරෝනා නිසා මෙවර කල්දැමීමට එරට රජය තීරණය කර ඇතැයිද සඳහන්.

Share this: