දකුණු කොරියාවේ සෝල් අගනුවර පටු වීදියක, හලොවීන් සැමරුමක් අතරතුර හටගත් තෙරපීමක් නිසා එම සැමැරුමට එක් වුණු 153 දෙනෙක් මේ වන විට ජීවිතක්ෂයට පත්ව තිබේ.
තෙරපීමෙන් තුවාල ලබා රෝහල්ගත කළ ගණන 140 ක් බවත් ඔවුන්ගෙන් වැඩි දෙනකු බරපතල තත්ත්වයෙන් පසුවන බව රෝහල් ආරංචි මාර්ග ප්‍රකාශ කරයි. මරණ තවත් ඉහළ යෑමට ඉඩ ඇති බව වෛද්‍යවරු ප්‍රකාශ කරයි.
මාධ්‍ය වාර්තා කර ඇති අන්දමට මියගිය සහ තෙරපී තුවාල ලැබූ වැඩි දෙනා අවුරුදු 20 ට අඩු අයය.
මියගිය පුද්ගලයන් අතර ලංකාවේ අයෙකුද සිටියි.
Share this: