පසුගිය සමයේ විවිද හේතුන් මත අතුරුදන් වූවන් පිළිබඳ පැමිණිලි විමර්ශනය කිරීමේ ජනාධිපති කොමිසමේ අතුරු වාර්තාව අද (17) ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත බාරදීමට නියමිතය.
තවද, එම කොමිසමේ සභාපති මැක්ස්වෙල් පරණගම මහතා සඳහන් කළේ කොමිසමේ නිරීක්ෂණයන් සහ දැනට සිදුකළ වැඩකටයුතු පිළිබඳව වාර්තාව මෙලෙස භාරදෙන බවයි.
එමෙන්ම, අතුරුදන්වූවන් පිළිබඳ පැමිණිලි විමර්ශනය කිරීමේ ජනාධිපති කොමිසම මේ වනවිට උතුරු නැගෙනහිර ප්‍රදේශවල සාක්ෂි සටහන් කර ගැනීමේ කටයුතුවල නිරතව සිටියි.
පැමිණිලි 20,000කට අධික ප්‍රමාණයක් මේ වනවිට එම කොමිසමට ලැබී ඇති අතර එම පැමිණිලි විමර්ශනය කිරීමේ කටයුතු මේ සිදුකරන බව එම කොමිසම සඳහන් කළේය.
Share this: