“කොම්පඤ්ඤවීදිය” කියවන්න රජයෙන් අලුත් ක්‍රමයක්

“කොම්පඤ්ඤවීදිය” කියවන්න රජයෙන් අලුත් ක්‍රමයක්

කොළඹ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ අදාළ ග්‍රාම නිලධාරී වසම සඳහා ශ්‍රී ලංකාවේ ප්‍රධාන භාෂා තුනෙන්ම තිබෙන බැවින් “කොම්පන්න වීදිය” යන නම භාවිත කිරීමට කැබිනට් මණ්ඩලය විසින් යහපත් ප්‍රතිචාරයක් දක්වා ඇත.

ඒ අනුව කලින් ඉංග්‍රීසියෙන් සහ දෙමළෙන් භාවිත වූ “කොම්පඤ්ඤවීදිය” සහ “ස්ලෙව් අයිලන්ට්” යන නම් දැන් ප්‍රධාන භාෂා තුනෙන්ම “කොම්පන්න වීදිය” ලෙස හැඳින්වීමට යෝජනා වී ඇත.

මේ අනුව, 1992 අංක 743/5 දරන අතිවිශේෂ ගැසට් පත්‍රය සංශෝධනය කරමින් නව ගැසට් නිවේදනයක් නිකුත් කිරීම සඳහා රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යවරයා ලෙස අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩලය අනුමැතිය ලබා දී ඇත.

Share this: