කොමර්ෂල් බැංකුව සහ හේලීස් ඇග‍්‍රිකල්චර් හෝල්ඩින්ග්ස් ඒකාබද්ධව නව කෘෂිකාර්මික යන්ත‍්‍ර සූත‍්‍ර මිලදීගැනීමට පාරිභෝගිකයින්ට අවස්ථාව සලසන ලීසිං ප‍්‍රවර්ධන වැඩසටහන නැවතත් දියත් කර තිබේ.
මෙම ප‍්‍රවර්ධන වැඩසටහන යටතේ මෙම සමාගම් දෙක විසින් කොමර්ෂල් බැංකුවේ ලීසිං පහසුකම් යටතේ හේලීස් සමාගමෙන් මිලදී ගන්නා ට‍්‍රැක්ටර් සහ කෘෂි කාර්මික යන්ත‍්‍රසූත‍්‍ර වලට රුපියල් 50,000 ක් දක්වා වට්ටම් ලබාදෙන අතරම තරගකාරී වාරික ගෙවීම් සහ විශේෂ පොලී අනුපාත පිරිනමයි.
මෙම ප‍්‍රවර්ධන වැඩසටහන 2020 මාර්තු මාසය දක්වා ක‍්‍රියාත්මක වන අතර කුබෝටා 4ං4 ට‍්‍රැක්ටර් (ඛ4508 සහ ඛ3408*, ෆාර්ම්ට‍්‍රැක් ට‍්‍රැක්ටර් (ත්‍ඔ6050 හෙරිටේජ් මාලාව*, කුබෝටා කම්බයින් හාවෙස්ටර්ස් (ෘක්-70ඨ*, ඇග්‍රොටෙක් හාවෙස්ටර්ස් (ඇග්‍රොටෙක් ඉකෝ, ඇග්‍රොටෙක් ණධධඛ සහ ඇග්‍රොටෙක් බ්‍රෝ* සහ කුබෝටා ට‍්‍රාන්ස්ප්ලාන්ටර්ස් මිලදීගැනීමේදී මෙම ප‍්‍රවර්ධන වැඩසටහන අදාළ වේ.
මෙම ප‍්‍රවර්ධන කාල සීමාව තුළදී මෙම යන්ත‍්‍රසූත‍්‍ර මිලදීගැනීමේදී ගෙවිය යුතු මූලික ගෙවීම අඩුකිරීමට සහ විශේෂ ලීසිං වාරික ලබාදීමට කොමර්ෂල් බැංකුව පියවර ගෙන තිබෙන අතර හේලීස් ඇග‍්‍රිකල්චර් වෙතින් කැපී පෙනෙන වට්ටම් ලබාදෙනු ඇත.