ඊයේ (අප්‍රේල් 05) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ෆ්‍රයිඩ් රයිස්, කොත්තු සහ බත් පැකට්ටුවක මිල අඩු කෙරේ.
සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමයේ ජාතික සංවිධායක අසේල සම්පත් පැවසුවේ මෙම ආහාර ද්‍රව්‍යවල මිල 20% කින් අඩු කරන බවයි.
ගෘහස්ථ ගෑස් සිලින්ඩරවල මිල අඩුවීම සැලකිල්ලට ගනිමින් මෙම තීරණයට එළඹි බව ඔහු සඳහන් කළේය.
එපමණක් නොව සාමාන්‍ය තේ කෝප්පයක මිල රු. 30 දක්වා අඩු කර ඇත.
Share this: