කොඩි නඩු අවසන් වීමේ ලකුණු

කොඩි නඩු අවසන් වීමේ ලකුණු

පොලිසිය අධිකරණයට දැනුම්දී අත්තේ, ජාතික කොඩියට අපහාස වන අයුරින් කටයුතු කළ බවට ඉදිරිපත් වූ පැමිණිල්ලට අදාළ පරීක්ෂණ කටයුතු අවසන් බවයි.

ඒ අනුව අදාළ පැමිණිල්ල ඊයේ කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේදී විභාගයට ගත් අවස්ථාවේ කුරුඳුවත්ත පොලිසිය ඒ බව දැනුම් දී ඇත.

තවද මෙම සිද්ධියේ පරීක්ෂණවල වාර්තාව මේ වන විට නීතිපතිවරයා වෙත යොමු කර ඇත.

ඒ අනුව නීතිපති උපදෙස් ලැබීමෙන් අනතුරුව අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා බව කුරුඳුවත්ත පොලිසිය අධිකරණය හමුවේ ප්‍රකාශ කර ඇත.

තවද අදාළ පැමිණිල්ල අගෝස්තු මස 07 වනදා කැඳවීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා නියෝග කර ඇත.

අල්ලස් කොමිසම ඉදිරිපිට මෑතකදී පැවැති විරෝධතාවයකදී දැනට භාවිතා කරන ජාතික කොඩියට වෙනස් ජාතික කොඩියක් භාවිතා කළ බවට හිටපු මන්ත්‍රීන් ඇතුළු සංවිධාන කිහිපයකට චෝදනා එල්ල වී තිබිණ.

Share this: