කොටි ඩයස්පෝරාවට සහාය දෙන්න එපා…. ලන්ඩනයේ නිහඬ විරෝධතාවක්

කොටි ඩයස්පෝරාවට සහාය දෙන්න එපා…. ලන්ඩනයේ නිහඬ විරෝධතාවක්

කොටි ඩයස්පෝරාවට සහාය දැක්වීමෙන් වළකින ලෙස ඉල්ලමින් ලන්ඩන් නුවර ශී‍්‍ර ලාංකික දේශපේ‍්‍රමීහු පිරිසක් ඊයේ (05 දා) වික්ටෝරියා වීදියේ පිහිටි ලේබර් පක්‍ෂ මූලස්ථානය ඉදිරියේ විරෝධතාවක් පැවැත්වූහ.

ශී‍්‍ර ලංකාව ද්‍රවිඩ ජනතාවගේ මානව හිමිකම් උල්ලංඝනය කරන බවට ලේබර් පක්‍ෂ මැතිවරණ ප‍්‍රකාශයේ අඩංගු වී තිබීමත්, කොටි ඩයස්පෝරාවට ලේබර් පක්‍ෂ නායක ජෙරමි කොර්බින් සහ ජෝන් මැක්කොනල් සහාය දැක්වීමත් හෙළා දකිමින් ඔවුහු විරෝධතාවේ නිරත වූහ.

මෙම විරෝධතාව ගැන සැලවූ වහාම කොටි ඩයස්පෝරා කණ්ඩායමක් විසින් ශී‍්‍ර ලාංකික විරෝධතාකරුවන්ගේ ඡුායාරූප ගෙන ඇතැයි පැවසේ.

Share this: