කොට්‌ඨාස 17 ම දිනුම්

කොට්‌ඨාස 17 ම දිනුම්

ඇල්පිටිය ප්‍රාදේශීය සභාව සඳහා සභිකයන් තෝරා පත්කර ගැනීම වෙනුවෙන් ඊයේ (11) පැවති ඡන්ද විමසීමෙන් එහි කොට්‌ඨාස 17 ම ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමත් විය.

ඒ අනුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඡන්ද 23,372 ක්‌ ලබාගත් අතර එම පෙරමුණ සභික ධුර 17 ක්‌ දිනා ගත්තේය.

ඡන්ද 10113 ක්‌ ලබා ගනිමින් දෙවැනි ස්‌ථානයට පත් එක්‌සත් ජාතික පක්‍ෂයට සභික ධුර 7 ක්‌ හිමිවිය.

එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානය ඡන්ද 5273 ක්‌ ලබාගත් අතර එම සන්ධානයට හිමි වූ සභික ධුර ගණන 3 කි.

Share this: