කොටස් හුවමාරුව අද සිට ඩිජිටල් වෙයි

කොටස් හුවමාරුව අද සිට ඩිජිටල් වෙයි

කොළඹ කොටස් හුවමාරුව සහ ශ්‍රී ලංකා සුරැකුම්පත් විනිමය කොමිෂන් සභාව එක්ව හඳුන්වා දෙනලද කොටස් වෙළෙදපොළ ඩිජිටල්කරණ ක්‍රමවේදය ජනගත කිරීම නිමිත්තෙන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් විශේෂ උත්සවයක් කොළඹ කොටස් හුවමාරු පරිශ්‍රයේදී ඊයේ (17) දිනයේ පැවැත්වුවා.

මෙම සැමරුම් උත්සවයේ තේමාව වනුයේ “අනාගතයට අධි පිම්මක්” නැතහොත් “Hyper leap to the future” යනුවෙනි.

මෙම උත්සවයට සදහා රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල්, රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්ත සහ ශ්‍රී ලංකා විදේශ දුත මණ්ඩලවලින් පැමිණෙන ජ්‍යෙෂ්ඨ ආරාධිතයින්, තැරැව්කාර සමාගම්, ලැයිස්තුගත සමාගම් සහ ශ්‍රී ලංකා ව්‍යාපාරික ප්‍රජාවද සහභාගී වුණා .

කොළඹ කොටස් වෙළදපොළෙහි මුලික ක්‍රියාකාරකම් ඩිජිටල්කරණය කිරීමට යාමේදී අවශ්‍ය පියවරන් සහ යාන්ත්‍රණයන් හදුනා ගැනීමේ අරමුණ ඇතිව, ජනාධිපති නීතිඥ ශ්‍රී ලංකා සුරැකුම්පත් විනිමය කොමිෂන් සභාවෙහි සභාපති විරාජ් දයාරත්න මහතාගේ අදහසකට අනුව කොළඹ කොටස් හුවමාරුව සහ ශ්‍රී ලංකා සුරැකුම්පත් විනිමය කොමිෂන් සභාවෙහි එකාබද්ධ නියෝජිතයන්ගෙන් සමන්විත කමිටුවක් පිහිටුවන ලදි. මේ අනුව ඊට සම්බන්ධ සියලු පාර් ශවකරුවන් සමග සම්බන්ධ විය හැකි අයුරින් සහ පරිශීලක අත් දැකීම්වලින් සහ සියළු පාර්ශව අතර සක්‍රිය ක්‍රියාකාරිත්වයක් ළගා කරගත හැකි පරිදි සියලුම කටයුතු විද්‍යුත්කරණයට ලක්වන අයුරින් උපායමාර්ග ක්‍රමෝපාය සකස් කරනු ලැබුවා.

Share this: