කහවත්ත, කොටකෙතන ප්‍රදේශයේ නිවසක සිටියදී අතුරුදන් වු 39 හැවිරිදි දෙදරු මවගේ බවට සැකකෙරන මළසිරුරක් සොයාගෙන තිබේ.
ඊයේ අළුයම සිට අදාළ කාන්තාව අතුරුදන්ව ඇති බවට ලැබුණු තොරතුරු මත පොලිසිය , නාවික හමුදාව, විශේෂ කාර්ය බළකාය ඇතුළු ආරක්ෂක අංශ සහ ප්‍රදේශවාසින් ඇය සෙවිමේ කටයුතු වල නිරත වුණා.
ඒ අනුව මීට සුළු වේලාවකට පෙර මියගිය කාන්තාවගේ බවට සැක කෙරෙන මළසිරුරක් කොටකෙතන ඇළේ තිබියදී සොයාගත් බව පොලිසිය පැවසුවේය.
මෙලෙස අතුරුදන්ව සිටියේ චන්ද්‍රානි ස්වර්ණලතා නැමැති කාන්තාවක වන අතර එම සිදුවීම වන අවස්ථාවේදී ඇයගේ සැමියා අසළ නිවෙසක මළ ගෙදරක ගොස් සිටි බව වාර්තා විය.
අභිරහස් ලෙස කාන්තාවන් ගණනාවක්ම ඝාතනයට ලක්වන ප්‍රදේශයක් ලෙස කහවත්ත කොටකෙතන වසර ගණනාවක සිට මාධ්‍යය තුළ කතා බහට ලක්වෙයි.
මෙම ආසන්නතම සිදුවීමත් සමග ප්‍රදේශවාසීන් මහත් කැළඹීමකින් සිටින බවද අප වාර්තාකරු කියයි.
Share this: