2011 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය පිළිබඳ හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අළුත්ගමගේ සිදුකළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් ප්‍රකාශ සටහන් කර ගැනිමට පොලිස් විශේෂ විමර්ශන ඒකකයේ නිලධාරීන් පිරිසක් අද උදෑසන ඔහුගේ නාවලපිටිය මහින්දානන්ද පදනම් කාර්යාලයට ගොස් තිබෙනවා.
2011 දී සිදු වුවේ යැයි කියන තරග පවා දීම සම්බන්ධයෙන් තමන් කල ප්‍රකාශයට අදාල පිටු හයකින් සමන්විත ලියකිවිල්ලක් විමර්ශන ඒකකයේ නිලධාරීන්ට ලබා දුන් බව මාධ්‍ය සාකච්ඡාවක් පවත්වම්න් ඔහු සඳහන් කළා.
නාවලපිටිය මහින්දානන්ද පදනම් කාර්යයාලයේ පැවති මෙම විශේෂ මාධ්‍ය සාකච්ඡාවේදී වැඩිදුරටත් අදහස් දක්වමින් හිටපු ක්‍රීඩා අමාත්‍යවරයා සඳහන් කළේ තරග පාවා දීම සම්බන්දයෙන් පැමිණිල්ලක්ද සිදුකල බවයි.
ලෝකයේ ටෙස්ට් ක්‍රීඩා කරන රටවල් 12ක් අතරින් තරඟ පාවා දීම් සම්බන්දයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නමද සඳහන් වන බවත් මේ පිළිබඳව පරීක්ෂණයක් සිදු කරන ලෙස හිටපු ක්‍රීඩා අමාත්‍යවරයා වන හරීන් ප්‍රනාන්දු වෙත අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලය විසින් විශේෂ ලිපියක් ඒවා තිබු බවත් ඔහු සඳහන් කරනවා.
මේ වන විට ඒ පිළිබඳව පරීක්ෂණ ආරම්භ වී ඇති නිසා අමාත්‍යවරයා මාධ්‍යවේදීන්ගෙන් ඉල්ලා සිටියේ මේ පිළිබඳව තවදුරටත් කතා නොකරන ලෙසයි.