කුසල් මෙන්ඩිස්ට ඇප

කුසල් මෙන්ඩිස්ට ඇප

පානදුර ප්‍රදේශයේදී මාරක රිය අනතුරක් සිදු කිරිමේ චෝදනාව මත පොලිසිය විසින් අත්අඩංගුවට ගැනු ලැබු ක්‍රිකට් ක්‍රීඩක කුසල් මෙන්ඩිස් ඇප මත මුදා හැරිමට පානදුර මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කරනු ලැබුවා.
සැකකරුට එරෙහිව ඉදිරිපත් වූ සියලුම චෝදනා ඇප ලබාදිය හැකි ඒවා බැවින් ඔහු ඇප මත මුදාහළ අධිකරණය මරණකරුගේ බිරිඳට අගති විරහිතව රුපියල් ලක්ෂ 10 ක මුදලක් ලබාදීමට ද නියම කළේය.

ඒ අනුව සැකකරු විසින් අධිකරණයේ දී අගතියට පත් පාර්ශවය වෙත රුපියල් ලක්ෂ 2 ක මුදලක් ලබාදෙනු ලැබීය.

මෙම සිද්ධිය හේතුවෙන් මහජන කැළබීමක් ඇතිවී නැතැයි පැමිණිල්ලේ කරුණු සඳහන් කිරිම අනුව ඇප පනතේ 14 වැනි වගන්තිය ප්‍රකාරව ඇප නියම කළ අධිකරණය, සැකකරුගේ රියදුරු බලපත්‍රය තාවකාලිකව අත්හිටුවීමට ද නියම කළේය.

ඒ රුපියල් මිලියනයක් වටිනා ශරිර ඇප දෙකක් මතයි.

පානදුර හොරේතුඩුව ප්‍රදේශයේ දී ඊයේ දින අලුයම 5 ට පමණ මෙම අනතුර සිදුව තිබුණා.

එම අනතුර සී.සී.ටී.වී කැමරාවක සටහන්ව තිබු අතර, අනතුරින් බරපතළ තුවාල ලැබූ පාපැදිකරු පානදුර රෝහලට ඇතුළත් කිරීමේදී මියගොස් ඇති බව පොලීසිය සඳහන් කළේ. මෙලෙස මිය ගියේ පානදුර ගොරකපොල ප්‍රදේශයේ පදිංචි 64 හැවිරිදි පුද්ගලයෙක්.

Share this: