කුෂ් ගංජා කිලෝග්‍රෑම් 3කට වැඩි ප්‍රමාණයක් රේගුවෙන් අල්ලයි

කුෂ් ගංජා කිලෝග්‍රෑම් 3කට වැඩි ප්‍රමාණයක් රේගුවෙන් අල්ලයි

මධ්‍යම තැපැල් හුවමාරුවේ ශ්‍රී ලංකා රේගු නිලධාරීන් විසින් කුෂ් ගංජා තොගයක් අත්අඩංගුවට ගෙන ඇති අතර එහි ඇස්තමේන්තුගත වීදි වටිනාකම මිලියන 34.75කි.

විදේශයන්හි සිට ශ්‍රී ලංකාවේ ලිපිනයන් වෙත එවන ලද හිමිකම් නොගත් පාර්සල් 10 ක් පරීක්ෂා කිරීමෙන් පසු මෙම කුෂ් ගංජා තොගයක් අත්අඩංගුවට ගෙන ඇත.

කිලෝග්‍රෑම් 3.475ක් බරැති මෙම කුෂ් ගංජා තොගය පාර්සල් 10ක අසුරා ඇමරිකාවේ සහ ඕස්ට්‍රේලියාවේ සිට බොරලැස්ගමුව, වැල්ලවත්ත, මිනුවන්ගොඩ, වැලිසර, නුවරඑළිය සහ තලංගම යන ප්‍රදේශවල ලිපිනයන්ට යවා තිබුණි.

මෙම ගංජා තොගයේ වටිනාකම රුපියල් මිලියන 34.75 ක් පමණ වන බවට ගණන් බලා තිබේ.

අදාළ පාර්සල් ලබා ගැනීමට ඒවායේ හිමිකරුවන් ඉදිරිපත් නොවීම හේතුවෙන් අදාළ පාර්සල් පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ (PNB) නිලධාරීන් සහ තැපැල් දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ඉදිරියේ මැයි 16 වන දින රේගු නිලධාරීන් විසින් පරීක්ෂා කර ඇත.

Share this: