‘අරගලය’ ජනතා ව්‍යාපාරයේ ඉදිරියෙන්ම සිටින ශ්‍රී ලංකාවේ තරුණ නායකයින්ගේ මැදිහත්වීම අනාගත ශ්‍රී ලංකාවට අවශ්‍ය සමාජ වෙනසක් සඳහා අවශ්‍ය බලපෑම නිර්මාණය කිරීමේදී ප්‍රධාන කාර්යභාරයක් ඉටු කළ හැකි බව හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක කුමාර් සංගක්කාර පවසයි.
“දේශපාලනය අපිරිසිදුයි කියලා මිනිස්සු කියනවා මැදිහත් වෙන්න එපා. නමුත් අරගලයේදී අපි දුටු තරුණ නායකයන්ගේ මැදිහත්වීමකින් තොරව අපට රට යහපත් අතට හැරවීමට හෝ බලපෑම් කිරීමට හැකියාවක් නැහැ,” ඔහු පැවසීය.
දැන් අවස්ථාව උදාවී ඇති බවත්, ඉදිරි වසර 6-10 තුළ බලපෑම්කාරී වෙනසක් සඳහා මැදිහත් වීම සිදු කළ යුතු බවත් ඔහු හෙළි කළේය.
එය එක රැයකින් සිදු වූ වෙනසක් නොවන බව පෙන්වා දුන් සංගක්කාර, කෙසේ වෙතත්, එය තරුණ නායකයින්ට සහ තරුණ ක්‍රියාකාරීන්ට පමණක් කළ හැකි දෙයක් බවත්, එය කැපවිය යුතු සටනක් බවත් පැවසීය.
Share this: