කුඩු සමග ශ්‍රී ලාංකිකයෙකු අත්අඩංගුවට

කුඩු සමග ශ්‍රී ලාංකිකයෙකු අත්අඩංගුවට

ඉන්දියාවේ පම්බන්හීදී හෙරොයින් සමග ශ්‍රී ලාංකිකයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

ඉන්දීය මාධ්‍ය වාර්තා කර ඇත්තේ ඉන්දියානු රුපියල් ලක්ෂ 50කට අධික වටිනාකමකින් යුත් හෙරොයින් තොගයක් එම සැකකරු සතුව තිබී සොයාගෙන ඇති බවයි.

තවද, පම්බන් බස් නැවතුම්පලේ සිටියදී මෙම සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු ශ්‍රී ලංකාවේ කිලිනොච්චියේ පදිංචිකරුවෙකු බව අනාවරණය වී ඇත.

අත්අඩංගුවට ගත් සැකකරු දින 15ක කාලයක් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කර ඇති අතර මොහු ඉන්දියාවට පැමිණි ආකාරය පිළිබදව පරීක්ෂණ ආරම්භ කර ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

Share this: