ශ්‍රී ලාංකේය ගී කලාවේ දැවැන්තයෙකු වන කීර්ති පැස්කුවල් සිය රසිකයින්ට නැවතම සංගීත අද්දකිමක් ලබා දීමට ලබන සෙනසුරාදා(11) සූදානම් වේ.
එය “Tribute to The legends” ගී ප්‍රසංගයයි නමින් එළිදකී.
කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාවේ, එළැඹෙන 11වැනිදා සැඳෑ යාමයේ පැවැත්වෙන මේ ප්‍රසංගයේ දී කීර්ති පැස්කුවල්, වියෝ වූ ජන කාන්ත ගායක, ගායිකාවන් විසිතුන් දෙනෙකුගේ අතිශයින්ම ජනපි‍්‍රය වූ ගීත විසිතුනක් ගායනා කිරීමට සූදානමින් සිටියි.
එදිනම ඔහුගේ නවතම ගීත ඇල්බමය “සුදු සේල” සහ “කීර්ති එකෝස්ටිකා” ගී ප්‍රසංගයේ සංගත රූප තැටිය (D. V. D.) එළි දැක්වීම එම ප්‍රසංගයේ තවත් විශේෂත්වයක් වේ.
මෙම ප්‍රසංගය රුක්මණී දේවි, සුනිල් සාන්ත, එච්. ආර්. ජෝතිපාල, මොහිදීන් බෙග්, සුසිල් ප්‍රේමරත්න, ධර්මදාස වල්පොල, සී. ටී. ප්‍රනාන්දු, නෙවිල් ප්‍රනාන්දු, සිසිර සේනාරත්න, නාරද දිසාසේකර, එම්. එස්. ප්‍රනාන්දු, සිඩ්නි ආටිගල, ජේ. ඒ. මිල්ටන් පෙරේරා, ටී. ෂෙල්ටන් පෙරේරා, හරූන් ලන්ත්‍රා, මිල්ටන් මල්ලවාරච්චි, ක්ලැරන්ස් විජේවර්ධන, මර්වින් පෙරේරා, තිලකසිරි ප්‍රනාන්දු, පද්මසිරි පැස්කුවල්, මාලිනී බුලත්සිංහල, ග්‍රේෂන් ආනන්ද වැනි ගායක, ගායිකාවන් ගේ ගීත වලින් කීර්ති පැස්කුවල් විසින් මෙම ප්‍රසංගය වර්ණවත් කරේ.
තවද එහිදී යුග ගැයුමෙන් සමිතා මුදුන්කොටුව සහ නෙලූ අධිකාරී කීර්ති පැස්කුවල්ට සහය වේ.