කීත් නොයාර් පැහැර ගැනීමේ සිද්දියට ඇමෙරිකාව විසින් ලංකා මේජර්වරයෙක්ට සම්බාධක පනවයි!

කීත් නොයාර් පැහැර ගැනීමේ සිද්දියට ඇමෙරිකාව විසින් ලංකා මේජර්වරයෙක්ට සම්බාධක පනවයි!

ජාත්‍යන්තර මානව දිනය නිමිත්තෙන් මානව හිමිකම් කඩකිරීම්වලට සම්බන්ධ පුද්ගලයින්ට සම්බාධක පැනවීමට ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා.

ඒ අනුව මාධ්‍යවේදී කීත් නොයාර් පැහැරගෙන යාමේ සිද්ධියට සම්බන්ධ බවට චෝදනා එල්ල වී සිටින මේජර් බුලත්වත්ත ද ඇමරිකාව විසින් සම්බාධක පනවා තිබෙනවා.

2008 මැයි මාසයේ දිනක කීත් නොයාර් සුදු වෑන් රථයකින් පැමිණි පිරිසක් විසින් පැහැරගෙන ගොස් වධ හිංසා පමුණුවන ලදී.

එවකට ඔහු ද නේෂන් පුවත්පතේ ප්‍රධාන කර්තෘවරයා විය. කීත් නොයාර් පැහැර ගැනීමට හමුදා නිලධාරීන් සම්බන්ධ බවට චෝදනා එල්ල විය.

Share this: