කිරිඇල්ල මහතා වැඩ බාර ගනී

කිරිඇල්ල මහතා වැඩ බාර ගනී

පාර්ලිමේන්තුවේ සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසන්නේ, ජාත්‍යන්තරයෙන් එල්ල වන චෝදනා ඇතුළුව රටට වැදගත් ප්‍රශ්න කිහිපයකටම ශ්‍රීලනිපය හා එජාපය එකට එක්ව පිළිතුරු දිය යුතු නිසා තනිව ආණ්ඩුවක් නොසෑදූ බවයි.

තවද උතුරු නැගෙනහිර අර්බුදයට විසඳුමක් දීම, රටේ ආර්ථිකය සීඝ්‍රයෙන් සංවර්ධනය කිරීම, අලුත් ව්‍යවස්ථාවක් සම්මත කරගැනීමට තුනෙන් දෙකක බලයක් ලබා ගැනීම වැනි කාරණා ඒ අතර ප්‍රධාන වන බවත්, මේ නිසා දෙපාර්ශවය එකට එක්ව කෙටි කලකට හෝ ගමනක් යා යුතු බවත් හෙතෙම පෙන්වාදෙයි.

අද (2) නව පාර්ලිමේන්තුවේ සභා නායක ලෙස පත්වූ ලක්ෂ්මන් කිරිඇල්ල මහතා එම තනතුරේ වැඩ බාරගැනීමෙන් පසු මාධ්‍ය අමතමින් මේ බව කියා සිටියේය.

හෙතෙම මාධ්‍යවේදියෙකුගේ ප්‍රශ්නයකට පිළිතුරු ලෙස කියා සිටියේය, යුද්ධය අවසන් සමයේ සිද්ධීන් ගැන රට තුළ පරීක්ෂණයක් කරන බවට එම කාලයේදී මෙරටට පැමිණි එක්සත් ජාතීන්ගේ මහලේකම් බෑන් කි මූන්ට හිටපු ජනාධිපතිවරයා පොරොන්දු වෙමින් නිකුත් කළ ඒකාබද්ධ නිවේදනය අනූව කටයුතු නොකිරීම ජාත්‍යන්තරයෙන් චෝදනා එල්ල වීමට ප්‍රධාන හේතුව බවයි.

තවද සංඝරත්නයේ ආශිර්වාදය මැද පාර්ලිමේන්තුවේ සභානායක කාර්යාලයේදී පත්වීම් ලිපියට ඒ මහතා අත්සන් තැබූ අතර එම අවස්ථාවට ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ගයන්ත කරුණාතිලක මහතා ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

Share this: