කියැවීමේ මාසයේ සාහිත්‍යමය වැදගත්කම

කියැවීමේ මාසයේ සාහිත්‍යමය වැදගත්කම

ජාතික පුස්තකාල හා ප‍්‍රලේඛන සේවා මණ්ඩලය මගින් කරන ලද ඉල්ලීමකට අනුව 2004 වර්ෂයේ සිට ඔක්තෝබර් මාසය ‘ජාතික කියවීමේ මාසය’ ලෙස රජය විසින් ප‍්‍රකාශයට පත් කර තිබේ. එහි 15 වන වර්ෂය සමරන පුස්තකාල හා ප‍්‍රලේඛන සේවා මණ්ඩලය විසින් මෙම මාසය තුළ විවිධ වූ වැඩසටහන් රාශියක් දිවයින පුරා කි‍්‍රයාත්මක කර කියවීමේ සංස්කෘතිය ස්ථාපිත කිරීමටත්, දැනුමින් හා මානව දයාවෙන් පිරිපුන් මිනිසුන් මේ ලක්දෙරණින් බිහි කරවීමත් අපේක්‍ෂා කෙරේ. මෙවර ජාතික කියවීමේ මාසයේ තේමාව වන්නේ ‘‘කියවන සමාජයක ඇරඹුම දරුවාගෙන් පටන් ගනිමු’’ යන්නයි. අනාගතයේදී අප බලාපොරොත්තු වන්නේ සුන්දර ලොවක් නම්, එය ළමයාගෙන් ඇරඹිය යුතුමය.’’ කියවීම මිනිසා සම්පූර්ණ කරනුයේ එබැවිනි. කුඩා කල පටන් පොත පතට හුරුවන දරුවාගේ අනාගතය පිළිබඳව කිසිදා බියක්, චකිතයක් ඇතිකර ගත යුතු නොවේ. මන්ද ඔහු ලෝකය දෙස නිවැරැුදි අයුරින් බුද්ධිමත් ලෙස දැකීමට පොත පතට ඔහුට පාර කියා දී තිබෙන බැවිණි.

කෙසේද යත් කුඩා දරුවන් වෙනුවෙන් පොත් ලිවීමේ වැදගත්කම පිළිබඳව රුසියානු මහා ලේඛක මැක්සිම් ගෝර්කි විසින් අසහාය ඉංග‍්‍රීසි ලේඛක එච්. ජී. වෙල්ස් වෙත යවන ලද ලිපියෙන් මොනවට විදහා පානු ලබයි. ‘‘ආදරණීය මිත‍්‍රය’’ … දැන් ඉතින් ඔබට තවත් කාරණාවක් කියන්නට තියෙනවා. මගේ යාළුවො දෙන්නෙක් ඇලෙක්සැන්දර් නිකනොවි සහ ඉවාන් ලදිෂිනෝවි යන දෙදෙනා ළමා පොත් ප‍්‍රකාශන මන්දිරයක් ආරම්භ කරලා තියෙනවා. අන් හැම කාලෙකටම වඩා, අද අපට මහ පොළොව මත වැදගත්ම වස්තුව වෙලා තියෙන්නේ ළමයි. ලෝකයේ අන් සියලූම ළමයින්ට වැඩියෙන් විශේෂයෙන් ම රුසියානු ළමයින් ලෝකය ගැනත්, ඒ ලෝකෙයේ ශ්‍රේෂ්ඨ මිනිසුන් ගැනත්, ඔවුන් මිනිසාගේ ප‍්‍රීතිය උදෙසා නිම කළ කෘතිය ගැනත් දැන ගත යුතුව තිබෙනවා. මේ දුෂ්ට, නිස්සාර, උන්මත්තක යුද්ධයේ ලේ ගෑවුණු මළකඩවලින්, ඔවුන්ගේ හදවත් පිරිසිදු කිරීම, අපට අයත් කාර්යයක් වෙලා තියෙනවා. ඒ හදවත්ව මනුෂ්‍ය වර්ගයා කෙරෙහි ආදර භකතියක්, ගෞරවයක් ජනිත කරවන්නට ඕනෑ. ඒ හදවත් භක්තියෙන් පුරවන්න ඕනෑ. ඒ නිසා ආදරණීය වෙල්ස්, මම ඔබෙන් එක ඉල්ලීමක් කරනවා එඩිසන්ගේ ජීවිතයත් ඔහුගේ සොයාගැනීම් සහ සේවාව ගැනත්. ළමයින්ට ගැළපෙන පොතක් ලියලා එවන්න ළමයින් තුළ විද්‍යාව ගැනත්, වැඩකිරීම ගැනත් ආදරයක් ඇති කිරීමට සමත්වන පොතක අගය කුමක්ද කියා ඔබ හොඳින්ම දන්නවා. ඒ වගේම බලාපොරොත්තු වෙනවා බීතෝවන් ගැනත්, නැන්සන් සහ කොළොම්බස්

ගැනත් පොතක් ලියලා එවන්න…’’ ළමයින් සඳහා මොන යම් අයුරින් කෘති රචනා කළ යුතු ද යන්න පිළිබඳව ලෝක සාහිත්‍යයේ දැවැන්තයන් දෙදෙනෙකු අතර හුවමාරු වූ ඉහත ලිපියෙන් මනාව පැහැදිලි වේ. දරුවන් යනු මේ ලොව සිටිනා වටිනාම වස්තුවයි. ඔවුන් යහමඟට ගැනීම උදෙසා අප විසින් කළ යුතු කාර්යයන් බොහෝමයකි. එමෙන්ම ළමා අයිතිවාසිකම් පිළිබඳ ප‍්‍රඥප්තියෙහි 28 වන වගන්තිය මගින් අධ්‍යාපනය ලැබීමට ළමයින්ට ඇති අයිතිය හඳුනාගෙන ඇති අතර එය මූලික අධ්‍යාපනය අනිවාර්ය කර නොමිලේ ලබා දීමටත් සියලූම විනයානුකූල කටයුතුවලදී ළමයාගේ ගෞරවය රැුක දීමටත් වෙන් වී ඇත. 29 වන වගන්තිය මගින් සෑම

ළමයෙකුගේම හැකියාව හා කුසලතාවඅනුව උපරිම මට්ටමේ වර්ධනයක් අධ්‍යාපනය තුළින් ලබාදීමත්, ළමයාගේ හා මාපියන්ගේ හා සංස්කෘතික අනන්‍යතාවයට ගරු කිරීමටත් අවධාරණය කර ඇත. මේ තුළින් ද මනාව පැහැදිලි වන්නේ අනාගත ලෝකය දරුවාගේ අධ්‍යාපනයෙන් ආරම්භ කළ යුතු බවයි.

කියවීම සඳහා පදනම වී ඇත්තේ සාක්‍ෂරතාාවයයි. එක්සත් ජාතීන්ගේ සංවිධානය අනුව සාක්‍ෂරතාවයකින් තොර පුද්ගලයකු යනු ‘‘ඔහුගේ හෝ ඇයගේ දෛනික ජීවිතය හා සම්බන්ධ කරුණු පිළිබඳ කෙටි හා සරල විස්තරයක් කියවීමටත් ලිවීමටත් අවබෝධ කර ගැනීමටත් නොහැකි අයෙකි.’’ සාක්‍ෂරතාවය හා කියවීම අතර ඇත්තේ අවියෝජනීය සබඳතාවයකි. කියවීම තුළින් විශ්වඥානය වෙත පිවිසීමේ හැකියාාව හිමිවන්නේ සාක්‍ෂරතාවයෙන් හෙබි පුද්ගලයන් සඳහා පමණි. වර්තමාන ලෝකයේ දැකිය හැකි සුවිශේෂී ලක්‍ෂණය නම් තොරතුරු සීග‍්‍ර ලෙස වෙනස් වීමයි. නව තොරතුරු බිහිවන ක‍්‍රමයේ වේගයෙන් ම එම තොරතුරු යල් පැන යන බැවින් නවීන තාක්‍ෂණය උපයෝගී කර ගනිමින් මිනිසා තොරතුරු සමඟ තරගයකට එළඹ තිබේ. මෙලෙස කෙතරම් නවීන තාක්‍ෂණික ක‍්‍රම, මෙවලම් කියවීම් ද්‍රව්‍ය ලෙස සමාජය වැලඳ ගත්තද, පොත තරම් සමාජයට බලපෑම් කළ හැකි වෙනත් නිර්මාණයක් බිහිව නොමැති තරම් ය. භාෂාව හැසිරවීම, භාෂා භාවිතය, චිත්තරූප මැවීම, කථන හැකියාව හැසිරවීම, කථන හැකියාව වර්ධනයවීම, අත්දැකීම් ග‍්‍රහණය කර ගැනීම, තාර්කිකව සිතීමේ හැකියාව, විiුත් තාක්‍ෂණය භාවිතයට නොගෙන පරිශීලනය කිරීමේ හැකියාව ආදී සුවිශාල වූ වාසි රැුසක් පොතපත පරිශීලනය කිරීම තුලින් ලබාගත හැකිය.

ඇමරිකා එක්සත් ජනපදයේ හාවර්ඞ් විශ්වවිiාලයේ හොවාර්ඩි ගාඩිනර් විසින් වැඩිදෙනකුගේ විවිධ දක්‍ෂතා අගය කිරීමට හැකිවන පරිදි ‘‘බහුවිධ බුද්ධිය’’ සංකල්පය ඉදිරිපත් කරන ලදී.

ඔහු එහිදී බුද්ධි වර්ග අටක් ඉදිරිපත් කළේය. වාචිකව හෝ ලිඛිතව වචන ඵලදායී ලෙස භාවිත කිරීම වාචසික – භාෂාමය බුද්ධියයි. මෙයින් පිරිපුන් තැනැත්තා කියවීමෙන් ලිවීමෙන් ආස්වාදය ලබයි. ප‍්‍රවීන දේශපාලනඥයන්, දක්‍ෂ නීතිඥයන්, කථිකයන්. නිවේදකයන්, දක්‍ෂ ගුරුවරුන් වාචික බුද්ධිය වැඩිදියුණු කරගත් පුද්ගලයන් ලෙස හැඳින්විය හැක. කවි කිවිඳියන්, පුවත්පත් කලාවේදීන්, ලේඛකයන්, භාෂා සංස්කාරකයන්, නාට්‍ය රචකයන් ලිඛිත භාෂාමය බුද්ධිය වැඩිදියුණු කරගත් අය ලෙස හැඳින්වේ. සංගීතමය – රිද්මයානුකූල බුද්ධිය හිමි පුද්ගලයකුගේ සංගීතමය හැකියාවන් සඳහා මොළයේ දකුණු පස ක‍්‍රියාකාරිත්වය බලපානු ලබයි. මෙම බුද්ධියෙන් යුත් පුද්ගලයා මිනිස් හඬට මෙන්ම පරිසරයේ විවිධ ශබ්දවලට ද සංවේදීය. සංගීත විචාරකයන්, සංගීත භාණ්ඩ වාදකයන්, ගායකයන් සංගීත ස්වර රචකයන්, සංගීත අධ්‍යක්‍ෂකයන් මෙම බුද්ධියෙන් පිරිපුන් පුද්ගලයෙක් වේ. තාර්කික, ගණිතමය බුද්ධියෙන් යුත් පුද්ගලයා නිරතුරුවම විiාත්මක චින්තනය භාවිත කරනු ලබයි. වස්තු, ද්‍රව්‍ය හෝ සංසිද්ධිවල සම්බන්ධතා, රටා හඳුනාගනු ලබයි. මොවුන් ප‍්‍රශ්නවලට තර්කානුකූලව මුහුණ දෙයි. ගණිතඥයන්, ගණකාධිකාරීවරුන්, පරිගණක වැඩසටහන් සැලසුම්කරුවන්, විiාඥයන් මේ අතරින් බිහි වේ. දෘශ්‍ය අවශ්‍යතාමය බුද්ධිය මගින් ලෝකය නිවැරැුදිව හඳුනාගැනීම සහ ඒවා නිසි ලෙස හසුරුවා ගැනීමේ කුසලතාව පෙන්නුම් කරනු ලබයි. පුද්ගලයන් වර්ණ. රේඛා, හැඩතල, අවකාශ සම්බන්ධතා හඳුනාගැනීමේ විශේෂ දක්‍ෂයන් වේ. යමක් පැහැදිලිව චිත්ත රූපයක් ලෙස මනසේ ගොඩනගා ගනිමින් දෘෂ්‍යමය වශයෙන් ඒ දෙස බැලීමේ හැකියාවක් මෙම පුද්ගලයන් සතු වේ. ශල්‍ය වෛiවරු, ඉංජිනේරුවරුන්, ගෘහ නිර්මාණ ශිල්පීන්, චිත‍්‍ර අඳින්නන්, මූර්ති ශිල්පීන්, මඟපෙන්වන්නන්, මෙම බුද්ධිය සහිත වෘත්තිකයන් වෙති. කායික – සංචලනමය බුද්ධියෙන් යුක්ත වීම යනු තම සිරුර භාවිත කරමින් ශාරීරික සම්බන්ධතා හඳුනාගැනීමට, තොරතුරු රැුස් කිරීමට, අදහස් ප‍්‍රකාශනයට හැඟීම් හා භාවමය ප‍්‍රකාශයට සරිලන භාෂාවන් ලෙස ශරීරය භාවිත කිරීමයි. ශරීර සමතුලිතතාව, ශාරීරික නම්‍යශීලීබව වේගය, කාර්යක්‍ෂමතාව. ස්පර්ශමය සංවේදීතාව වැනි ඉන්ද්‍රියමය ක‍්‍රියාකාරිත්වය මෙම බුද්ධිමය අංශයට අයත් වේ. නළු නිළියන්, නර්තන හා අභිරූපන ශිල්පීන්, මලල ක‍්‍රීඩකයන්, පිහිනුම්කරුවන්, ක‍්‍රිකට්, පාපන්දු, අත්පන්දු, බොක්සිං වැනි ක‍්‍රීඩකයන්, ජූඩෝ, කරාටේ, කුංෆු වැනි සටන්කරුවන්, නාට්‍යකරුවන්, වඩු කාර්මිකයන්, පෙදරේරුවන්, රිදී, පිත්තල භාණ්ඩ නිර්මාණකරුවන් වැනි පුද්ගලයන් කායික සංචලනමය බුද්ධියෙන් යුක්ත පුද්ගලයන් වේ. අන්තර් පුද්ගල බුද්ධිය ඉවහල් වන්නේ සමාජානුයෝජනයෙන් උසස් මට්ටමකට පැමිණීමටයි. සමාජයේ අන් අයගේ හැඟීම්, අරමුණු, අභිලාෂ, ඉරියව්, ඉඟි ආදිය මනාව තේරුම්

ගැනීමටත්, ඒ කෙරෙහි සංවේදී වීමටත් මෙම බුද්ධිය වැදගත් වේ. උපදේශකවරුන්, දේශපාලනඥයන්, සමාජ සේවකයන්, සංවිධායකයන්, ජනනායකයන්, මානව විiාඥයන්, සමාජ උපදේශකයන්, ගුරුවරුන් මෙම අන්තර් පුද්ගල බුද්ධිය වර්ධනය කරගත් පුද්ගලයෝ වෙති. ස්වයං අවබෝධයෙන් යුතු පුද්ගලයන් පුද්ගල ඇතුළාන්ත බුද්ධියෙන් පිරිපුන් පුද්ගලයන්ය. තම හැඟීම්, ආශාවන්, චිත්තවේග, කුසලතාවන් නිසි ලෙස හඳුනාගනියි. තමන් පිළිබඳ නිවැරැුදි තක්සේරුවක් ලබා දීමට හැකිවීම මෙම බුද්ධියේ වර්ධනයකි. මනෝ විiාඥයන්, ව්‍යවසායකයන්, චින්තකයන්, දාර්ශනිකයන්, පූජකවරුන්, භාවනායෝගීන්, මෙම බුද්ධිය වර්ධනය කරගත් සුවිශේෂී පුද්ගලයෝ වෙති. ස්වභාව ධර්මය සමඟ ඉතා සමීපව කටයුතු කිරීම තුළින් ස්වභාව ධර්ම බුද්ධිය වර්ධනය වේ. ස්වභාව ධර්මයෙහි විවිධ රටා හඳුනා ගැනීම, යම් යම් ද්‍රව්‍ය හෝ සංසිද්ධීන් අතර සබඳතාව දැකීමේ හැකියාව ස්වභාව ධර්මය සමඟ ඉතා සමීපව කටයුතු කිරීම තුළින් ස්වභාවධර්ම බුද්ධිය වර්ධනය වේ. ස්වභාවධර්මයෙහි විවිධ රටා හඳුනා ගැනීම, යම් යම් ද්‍රව්‍ය හෝ සංසිද්ධීන් අතර සබඳතාව දැකීමේ හැකියාව ස්වභාව ධර්ම බුද්ධිය තුළින් ලැබේ. සත්ත්ව විiාව, උද්භිද විiාව, ජීව විiාව, භූ ගර්භ විiාව වැනි ස්වභාවධර්මය හා සම්බන්ධ විෂයන් හැදෑරීමට මෙම පුද්ගලයන් පෙළඹේ. සත්ත්ව ලෝකය, මුහුදු පතුල, අභ්‍යවකාශය වැනි අංශ කෙරෙහි උනන්දුවක් දක්වයි. මෙසේ වන්නා වූ බහුවිධ බුද්ධි න්‍යාය තුළින් තමන්ගේ මෙන්ම අන් අයගේ ද දක්‍ෂතා මනාව හඳුනාගත හැක. මේ සියලූ දක්‍ෂතා සහජයෙන් ම උරුම වුවද එය වර්ධනය කර ගැනීම සඳහා කියවීම අත්‍යවශ්‍ය සාධයක් වේ. පොත පත පමණක් නොව අවට පරිසරය, චිත‍්‍රපට, කවි, කතන්දර, ස්වභාව දහම, නාට්‍ය, ක‍්‍රීඩාව මේ සෑම දෙයක් තුළම කියවීම අන්තර්ගත වේ. පොතපත කියවීම අන්තර්ජාලය කියවීම ආදියට එහා ගිය කියවීමක් බුද්ධි වර්ධනය සඳහා සිදු කළ යුතුය. එබැවින් කියවීම පොත පතට හෝ පාසල් විෂය නිර්දේශයට පමණක් සීමා නොකළ යුතුය. ඉන් ඔබ්බට ගිය පරිසරය කියවීම, අන්‍යයන් කියවීම. තමා කියවීම, සංගීතය කියවීම, දෘශ්‍ය අවකාශය කියවීම යන සියල්ල තුළින් අප කළ යුත්තේ පොත දෙස බලා එක ඉරියව්වක සිට යමක් කියවීම නොව ඉන් ඔබ්බට ගිය සමාජමය කියවීමේ ක‍්‍රියාවලියයි. දෙමාපියන්ට අවශ්‍ය වන්නේ විෂය නිර්දේශයට අදාළ පොත් පත් සහ අන්තර්ජාලය තුළින් ලබා ගන්නා තෙරතුරුවලින් පමණක් දරුවාගේ කියවීම තුළින් බුද්ධිය වර්ධනය කිරීමට නම් එය කිසිසේත්ම ඉටු නොවනු ඇත. අමතර පොත පත කියවමින් නිදහස් පරිසරය සමඟ දරුවාට ගනුදෙනු කිරීමට අවස්ථාව සලසා දීම තුළින් ඔවුන්ගේ බහුවිධ වූ බුද්ධි මට්ටම වර්ධනය වනු ඇත. කිසිදු හැඟීම් දැනීමක් නොමැති අනිකාගේ දුක නොහඳුනන සංවේදී නොවන දරුවකු කොතරම් උසස් ලෙස විභාග සමත්වී ඉදිරියට ගියද එහි ඇති ඵලයක් නැත. මන්ද ඔහුට සමාජ සංස්ථාව, දෙමාපියන්, සහෝදර සහෝදරියන් පිළිබඳව කිසිදු හැඟීමක් නොමැත. ආත්මාර්ථකාමී ලෙස සිතීමට පැතීමට දරුවා හුරු වන්නේ නිවැරැුදි සමාජීය සහ පාරිසරික කියවීමක් වෙත ඔවුන්ව යොමු නොකරන බැවිණි.

ජාතික පුස්තකාල හා ප‍්‍රලේඛන සේවා මණ්ඩලය මෙම කියවීමේ මාසයට සමගාමීව දිවයිනේ සියලූම ප‍්‍රදේශ ආවරණය වන පරිදි කියවීම් කඳවුරු, රසවින්දන වැඩසටහන්, විවිධ පුහුණු වැඩසටහන් මෙන්ම විවිධ තරග සංවිධානය කිරීම සිදුකර ඇත. එමෙන්ම ජාතික පුස්තකාලයේ නොමිලේ වසරක සාමාජිකත්වය ලබාදීම ද මේ වන විට ආරම්භ කොට ඇත. මෙවර ජාතික කියවීමේ මාසයේ තේමාව වන ‘‘කියවන සමාජයක ඇරඹුම දරුවාගෙන් පටන් ගනිමු’’ යන්න යථාර්ථයක් කර ගැනීමට නම් සියලූම දෙමාපියන්, දරුවන්, ගුරුවරුන් මෙන්ම වෙනස් වන ලෝකය පිළිබඳ තොරතුරු ඇතුළත් පොත්පත් වෙත ජනතාවට නිදහසේ පිය නැගීමට අවස්ථාව ලබා දෙන මිහිපිට ඇති පූජනීය ස්ථානයක් ලෙස සැලකෙන පුස්තකාලවල සිටින පුස්තකාලයාධිපතීන්ගේ ද දායකත්වය නොඅඩුව මේ සඳහා ලැබිය යුතුමය.

Share this: