කෑගල්ල මහ රෝහලේ ආධාර පෙට්ටිය අතුරුදහන්

කෑගල්ල මහ රෝහලේ ආධාර පෙට්ටිය අතුරුදහන්

ඊයේ අළුයම 3.30ට පමණ කෑගල්ල මහ රෝහලේ බාහිර රෝගී අංශයේ පිවිසුම අසළ තිබු ආධාර මුදල් සහිත විදුරු පෙට්ටිය සොරකම් කර ඇති බවට රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය ලලිත් පෝද්දල්ගොඩ මහතා පැමිණිල්ලක් කර ඇති බව පොලිසිය සඳහන් කළේය.

අදාළ ආධාර මුදල් සහිත වීදුරු පෙට්ටිය තබා තිබු ස්ථානයේ ආරක්ෂක නිලධාරියෙකුද සේවයේ නිරතව සිට ඇති අතර, රෝහලේ ආරක්ෂිත කැමරා වල දර්ශන පරික්ෂා කර සැකකරු හඳුනාගැනිම සඳහා පොලිසිය විමර්ශන ආරම්භ කර තිබේ.

මේ වන විටත් ඊයේ රාත්‍රීයේ රාජකාරී කළ ආරක්ෂක නිලධාරින් කිහිප දෙනෙකුගෙන් ප්‍රකාශ සටහන් කර ගෙන ඇත.

Share this: