කැලණිය විශ්ව විද්‍යාල පරිශ්‍රය තුල සවිකර තිබු ආරක්‍ෂිත කැමරා (CCTV) ඉවත් කිරිමට එම සරසවියේ ශිෂ්‍ය සංගමය විසින් පියවර ගෙන තිබෙනවා.
අලුතින්ම ස්ථාපිත කරනු ලැබූ මෙම ආරක්‍ෂිත කැමරා පද්ධතිය හරහා තම නිදහසට බාධා වන බවයි ශිෂ්‍ය සංගමය චෝදනා කර සිටින්නේ.
සරසවි සිසුන්ට නවක වදය ලබා දීමේ සිද්ධීන් වාර්තා වීමත් ඒවා නිරික්ෂණය කිරිමට මෙලෙස ආරක්‍ෂිත කැමරා පද්ධතිය සවිකරනු ලැබූ බවයි කැලණිය විශ්ව විද්‍යාලයේ පරිපාලනය සඳහන් කර සිටියේ.
ආරක්‍ෂිත කැමරා පද්ධතියක් සවිකිරිමට බලධාරින් ගත් තීරණයට එරෙහිව කැළණි සරසවියේ සිසුන් අද විරෝධතාවයකද නිරත වුවා.
Share this: