රුවන්වැල්ල, කිතුල්ගල ප්‍රදේශයේ දී කැලණිගගේ දියනෑමට ගිය තරුණයෙකු දියේ ගිළී මියගොස් තිබේ.
ශ්‍රී පාද වන්දනාවේ ගොස් ආපසු පැමිණෙමින් සිටි පිරිසක් දියනෑමට ගිය අවස්ථාවේ මෙම අනතුර සිදුව ඇති බව පොලීසිය සඳහන් කළේය.
දියේ ගිලුනු තරුණයා කරවනැල්ල රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගොස් තිබේ.
මියගොස් ඇත්තේ 19 හැවිරිදි නුගේගොඩ ප්‍රදේශයේ පදිංචිව සිටි අයෙකි.
මේ අතර ගාල්ල වරාය මුහුදු තීරයේ මුහුදේ දියනෑමට ගිය 15 හැවිරිදි දැරියක් දියේ ගිළී මියගොස් තිබේ.
සිය දෙමපියන් සමඟ අදාළ දැරිය දියනෑමට ගොස් සිටියදී මෙම අනතුර සිදුව ඇති බව පොලීසිය සඳහන් කළේය.
එහිදි නාවික හමුදා කිමිදුම් නිලධාරීන් විසින් අදාළ දැරිය බේරාගෙන ගාල්ල, කරාපිටිය රෝහලට ඇතුළත් කිරීමේ දී ඇය මියගොස් තිබේ.
Share this: