කැලණිගගේ දියනෑමට ගිය තරුණයෙකු දියේ ගිලේ

කැලණිගගේ දියනෑමට ගිය තරුණයෙකු දියේ ගිලේ

රුවන්වැල්ල, කිතුල්ගල ප්‍රදේශයේ දී කැලණිගගේ දියනෑමට ගිය තරුණයෙකු දියේ ගිළී මියගොස් ඇති බව වර්තවේ .

මෙම අනතුර සිදුව ඇත්තේ ශ්‍රී පාද වන්දනාවේ ගොස් ආපසු පැමිණෙමින් සිටි පිරිසක් දියනෑමට ගිය අවස්ථාවේ දී බව පොලීසිය සඳහන් කළේය.

පසුව දියේ ගිලුනු තරුණයා කරවනැල්ල රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගොස් තිබේ.

මියගොස් ඇත්තේ 19 හැවිරිදි නුගේගොඩ ප්‍රදේශයේ පදිංචිව සිටි අයෙක් බව වාර්තාවේ.

මේ අතර ගාල්ල වරාය මුහුදු තීරයේ මුහුදේ දියනෑමට ගිය දැරියක් දියේ ගිළී මියගොස් ඇති බව වාර්තාවේ.

සිය දෙමපියන් සමඟ අදාළ (15) හැවිරිදි දැරිය දියනෑමට ගොස් සිටියදී මෙම අනතුර සිදුව ඇති බව පොලීසිය සඳහන් කළේය.

එහිදි නාවික හමුදා කිමිදුම් නිලධාරීන් විසින් අදාළ දැරිය බේරාගෙන ගාල්ල, කරාපිටිය රෝහලට ඇතුළත් කිරීමේන් පසුව ඇය මියගොස් තිබේ.

Share this: