යාපනය විශ්වවිද්‍යාලයේ කළමනාකරණ අධ්‍යයන අංශයේ දෙවැනි වසරේ සිංහල සිසු, සිසුවියන් පිරිසක් නවමු මුහුණුවරකින් ප්‍රථම වරට සමාජ මාධ්‍ය භාවිතයෙන් ජංගම දුරකථන සහ ලැප්ටොප් පරිගණක ඔස්සේ නවක වදය දීමේ සිදුවීමක් වාර්තා වනවා.
කළමනාකරණ අධ්‍යයන අංශයේ දෙවැනි වසරේ සිසුන් දෙදෙනකුගේ හා සිසුවියන් දෙදෙනකුගේ මූලිකත්වයෙන් ක්‍රියාත්මක වන මෙම නවක වද සිදුවීමේදී නවක සිසු සිසුවියන්ට වට්ස්ඇප් සහ සමාජ මාධ්‍ය ඔස්සේ නිරුවත් ඡායාරූප, වීඩියෝ දර්ශන එවන ලෙස බලපෑම් කරන බවත් එසේ පින්තූර සහ වීඩියෝ පට නොඑවන නවක සිසු සිසුවියන්ට විශ්වවිද්‍යාලයට නොපැමිණෙන ලෙසට මොවුන් තර්ජනය කර තිබෙනවා.
විශ්වවිද්‍යාලයේ කළමනාකරණ අධ්‍යයන අංශයේ තෙවැනි සහ අවසන් වසරේ සිසු සිසුවියන්ගේ පූර්ණ අනුදැනුම හා උපදෙස් මත සිදුවන මෙම නවක වදයට නවක සිසු සිසුවියන් 120 දෙනකු පමණ ගොදුරු වී ඇති බව වාර්තා වනවා.
Share this: