කැන්ගරුවන් මෙවරත් ලෝක කුසලානය අභියස..

කැන්ගරුවන් මෙවරත් ලෝක කුසලානය අභියස..

ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ අවසන් මහා තරඟයේ කාසියේ වාසිය ලබාගත් නවසීලන්ත කණ්ඩායම මුලින් පන්දුවට පහරදීමට තීරණය කල අතර පන්දුවාර 45කදී ඔවුන් සියලු දෙනාම දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 183ක් පමණි.

ලෝක කුසලාන අවසන් මහා තරඟයක් වූ මෙම තරගයේදී තරඟාවලිය පුරාම අපරාජිතයන් ලෙස ක්‍රීඩාකල නවසීලන්ත කණ්ඩායම තමන්ගේ සුපුරුදු ක්‍රිඩා රිද්මයට නොපැමිණීම මෙවැනි අඩු ලකුණු සංඛ්‍යාවකට ඔවුන් සීමා වීමට එක් හේතුවක් විය. එලෙසම මුල් පෙළ හා මැද පෙළ පිතිකරුවන්ගේ අසාර්ථකත්වය හා දිර්ඝ පිතිකරු සබඳතා අවම වීමත් පෙන්වාදිය හැකිය. එලියට්ගේ හා ටේලර්ගේ ලකුණු 111 ක සම්බන්ඳතාවය නොවන්නට මෙවැනි ලකුණු සීමාවකට හෝ ඒමට නොහැකි වීමට ඉඩ තිබුණි.

නවසීලන්ත ලකුණු පුවරුවේ එකම ලකුණක් හෝ නොලැබූ පිතිකරුවන් 5 දෙනෙකු සිටීමත්, එ් අතර කණ්ඩායම් නායක හා තරඟාවලිය පුරා හොදින් පන්දුවට පහර දී ලකුණු 320ක් ලබා ගෙන සිටි බ්රෙන්ඩන් මැකලම් සිටීමද විශේෂත්වයකි.

ඒ.ජේ. ෆින්ච් , ඩී.ඒ. වෝනර් , ස්මිත්, ක්ලාක් , එස්.ආර් වොට්සන් , GJ මැක්ස්වෙල් වැනි පිතිකරු ගහනයක් අැති ඕස්ට්‍රෙලියානු කණ්ඩායම ලකුණු 183කට අඩුවෙන් නවතාලිය හැකිද?..ක්‍රිකට් යනු අවිනිශ්චිත ක්‍රීඩාවකි. අවසාන මොහොත වන තෙක් තීරණයකට පැමිණිය නොහැකි අපූරු ක්‍රීඩාවකි.

එම නිසා 2015 ලෝක ශූරයින් කවුදැයි දැන ගැනීමට ඉතිරි පන්දූ වාර 50ත් බලා සිටීමට අපට සිදුවේ.

score

Share this: