කාලගුණ පීඩන අවපාතයක අවදානම ගැන නිවේදනය!

කාලගුණ පීඩන අවපාතයක අවදානම ගැන නිවේදනය!

බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ ගිනිකොන දෙසින් පවතින අඩු පීඩන කලාපය පීඩන අවපාතයක් දක්වා වර්ධනය විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

මේ හේතුවෙන් ඉදිරි පැය 24 තුළ අදාළ මුහුදු තීරයේ යාත්‍රා කිරීමෙන් වළකින ලෙස එම දෙපාර්තමේන්තුව ධීවරයින්ට සහ නාවික ප්‍රජාවට දැනුම් දෙනවා.

මෙම මුහුදු ප්‍රදේශයේ ධීවර කටයුතු තවදුරටත් සිදු කරන්නේ නම් කඩිනමින් වෙරළට හෝ ආරක්ෂිත ස්ථානයකට යා යුතු බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ.

අඩු පීඩන කලාපය ලබන 31 වනදා නිරිත දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ අඩු පීඩන කලාපයක් දක්වා වර්ධනය වී පෙබරවාරි 01 වනදා දිවයිනේ නැගෙනහිර වෙරළට ආසන්න වීමට ඉඩ ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනාවැකි පළ කරයි.

Share this: